අනුප්‍රාප්තික ජනපති චාන්ස් එක ඩලස්ටද ?

Date:

නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණදීමට මේ වනවිට රටේ ජනතාවට මෙන්ම දේශපාලන පක්ෂවලටද සිදුව තිබෙනවා. මේ නිසා අද දිනය පුරා විවිධ දේශපාලන කණ්ඩායම්, මැති ඇමතිවරුන් විවිධ සාකච්ඡාවල නිරතවෙමින් සිටී.

විධායක ජනාධිපති ක්‍රමය ආරම්භවීමෙන් පසුව පළමුවරට 1993 දී ජනාධිපති පුටුව හදිසියේ හිස් වූ අතර ඒ, එවක ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වීම හේතුවෙනි. කෙසේ නමුත් එවර කිසිදු අර්බුදයක් ඇති නොවූයේ ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙසත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ එකඟතාවය මත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසත් පත්වීම හේතුවෙනි.

ජනාධිපති ධුරය හිස් වූ නමුත් ආණ්ඩු බලය පිළිබඳව එවර කිසිදු අර්බුදයක් මතු නොවීය.

කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද තනතුර හැරදා යාමට සිදුව ඇති අතර මේ නිසා තාවකාලික ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් අතර එකඟතාවයක් ඇතිව තිබේ.

අර්බුදය වන්නේ පාර්ලිමේන්තුවේ බහතුර අනුමැතියෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ කවුරුන්ද යන්නයි. ආණ්ඩු පක්ෂයේ නායකයන් බොහෝදෙනා රටේ බහුතර ජනතාවගේ ප්‍රතික්ෂේපවීමට ලක්ව ඇති නිසා, ජනාධිපති ධුරය පිළිබඳව සිහිනයකුදු නොදුටු පුද්ගලයන්ටද අද ජනාධිපති පුටුව පිළිබඳව සිහින දැකිය හැකි දේශපාලන වාතාරණයක් උදා වී තිබේ.

තාවකාලික ජනාධිපතිවරයා පත්කර මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව හරහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගතයුතු අතර මේ වනවිට ඒ් සඳහා සුදුසු පුද්ගලයන් සම්බන්ධයෙන් තැන් තැන්වල සාකච්ඡා වෙමින් තිබේ. මෙම සාකච්ඡාවලදී ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේද නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමත් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද දේශපාලන පක්ෂවල අවධානය යොමුව තිබේ. රටේ බහුතර ජනතාව කිසිදු දේශපාලන පක්ෂයක් පිළිබඳ පූර්ණ විස්වාසයෙන් කටයුතු නොකරන බැවින් අරගලකරුවන් ඇතුළු ජනතාවද අවධාරණය කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ මූලික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි.

ඉන් අනතුරුව රටේ තත්වය සාමාන්‍ය අතට පත් වූ පසු කඩිනම් ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඔවුන් යෝජනා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම...

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...