සිනා ආකරයක් – රස සාගරයක් – යසපාලිත නිර්මාණයක් !

මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙම සිදුවීමේ වගකීම තමන් භාර ගන්නා බව නොපැකිළව කියා සිටියේ ය.

ප්‍රශ්නය වන්නේ මෙයයි, දියුණු දේශපාලන සංස්කෘතියක ලක්ෂණයක් වන්නේ වගකීම භාරගෙන ඊළඟ ක්‍රියාමාර්ගය ලෙස ඉල්ලා අස්වීමයි.

එසේ නොමැති නම් වගකීම භාර ගන්නා බව එඩියෙන් කියා සිටීමෙන් ඇති ඵලය කුමක්ද?

අමාත්‍යවරයා වසර 2කට ආසන්න කාලයක් තුළ බන්ධනාගාර ක්‍රියාවලියේ පවතින පද්ධතිමය සහ ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරක්ද? වසර දෙකකට පසුව බන්ධනාගාර තදබදයට අදාළ ප්‍රශ්නවල මූලයන් නැවත පුනරුච්ඡාරණය කරන ඇමැතිවරයා පොහොසත් රටක් ලස්සන හෙටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තම විෂයට අදාළ ඇති කොටස කියවා බලාවත් තිබේද?

මහමෝදර රෝහල තාවකාලිකව රැඳවියන් වෙනුවෙන් වෙන් කර ඇති අතර අත්හැර දැමූ බෝගම්බර බන්ධනාගාරයද නැවත යොදා ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. බන්ධනාගාර තදබදය ගැන මෙතරම් අල්ප ක්‍රියාමාර්ගයක් ගන්නත් වසර 2ක් ගත විය. මිනිස් ජීවිත ගණනාවක් බිලි විය.

වගකීම භාර ගැනීම යනු හුදු වචන පෙළක් පමණක් නොවේ. එතැනින් එහාට ගිය දේශපාලන ක්‍රියාමාර්ගයකි. එසේ නොකරන්නේ නම් එය හුදු දේශපාලන වාසි තකා සිදුකරන ප්‍රකාශයක් (Lip service) පමණකි.

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...