සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ ජින්ජියැං නගරයේ පිහිටි හුයිටෙන්ග් (Huiteng) පාවහන් කම්හලක ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ගින්න හටගත් අවස්ථාවේදී කර්මාන්ත ශාලාව තුළ සේවකයින් 240කට ආසන්න පිරිසක් සිට ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජින්ජියැං නගරය ලෝකයේ ක්රීඩා සපත්තු නිෂ්පාදනයෙන් සියයට 20කට ආසන්න ප්රමාණයක් සපයන කර්මාන්ත මධ්යස්ථානයක් වන අතර, ඒ හේතුවෙන් එය චීනයේ “සපත්තු අගනුවර” ලෙස ද හැඳින්වේ.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං ප්රකාශ කර ඇත්තේ, මෙම ගින්නෙන් සිදුවූ විශාල ජීවිත හානිය පිළිබඳව දැඩි කනගාටුව පළ කරන බවත්, සිද්ධියට වගකිව යුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතියට අනුව දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙසටත්, අදාළ බලධාරීන්ට ලබාදී ඇති බව චීන රාජ්ය මාධ්ය වන ෂින්හුවා වාර්තා කරයි.

