කොළඹ LNW:මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී රැඳවියන්ට එල්ල වූ ප්රහාර හෙළා දකිමින් ඊට එරෙහිව සිරකරු ආරක්ෂාව සහ අයිතිවාසිකම් සඳහා වූ සාමූහිකය විසින් අද (10) අධිකරණ අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ආණ්ඩුව සිරකරුවන්ට සිදුකරන පහරදීම් සහ ඝාතන වහා නවතන ලෙස එහිදී බලකර සිටියේය.
සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින හෙයින් සිරකරුවන්ගේ ජීවිත පිළිබඳ වගකීමද ආණ්ඩුව ගත යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ.









