රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර අද පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්රචණ්ඩකාරී සිද්ධිය සඳහා පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් වැඩිදුර ප්රතිකාර සඳහා කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ගැටුම ඇති වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් ක්රියාත්මක වේ.


