*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනන්නට තරග වඳින කණ්ඩායම් අතරට පහසුවෙන්ම

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඒ සඳහා සුදුසු තමන් තරම් වෙනත් කිසිදු කණ්ඩායමක් නොමැති බවට සුවිශාල සහතිකයක් ඉදිරිපත් කරමින් අපරාජිතවය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට අර්ථයෙන් ධර්මයෙන් දේශනා දෙන ප්‍රධානියා බවට පත්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව දරන අර්ජුන රණතුංග සිටියේ ද දිනලා එන හැටි බලන්නටය. එහෙත් එරට පරාජය වන තෙක් බලා සිටින ක්‍රීඩා අමාත්‍යවරයෙක් නිර්මාණය කිරීමට සමත් දැඬි උපදෙස් සමඟ සිය ජාතික භාරය ඉටු කරමින් සිටින අර්ජුන ඇතුළු කණ්ඩායමට ඉදරි දවසක මේ සුවිශේෂි ජයග්‍රහණයේ ඇඳ කියන්නට අඩු පාඩු කියන්නට තවත් මාධ්‍ය හමුවක් කැඳවන්නට ඉඩ සළසා දෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ ජය තමන් වෙත පහසුවෙන් ලබා ගත්හ.

ටෙස්ට් කණ්ඩායම් හතරක් මේ තරගාවලියට සහභාගි විය.ඒ ශ්‍රී ලංකාව,අයර්ලන්තය,බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාරකයන් වූ සිම්බාබ්වේ ය.ඒ අතරින් අනෙක් ටෙස්ට් කණ්ඩායම් තුනම ලෝක කුසලාන තරගාවලියට නුසුදුස්සෝ වූහ.එයින් මේ තරගාවලිය පහසු එකක් නොවන බව පැහැදිළිය.අයර්ලන්තයට අවසාන හය දෙනාගේ වටය ද අහිමි විය.එවැනි වටපිටාවක තරගාවලිය තුළ අපරාජිතව සිටීම මෙන්ම අවසාන තරගයේදී නෙදර්ලන්තය පරදවා සූරතාවය අත් කර ගැනීම අති විශිෂ්ඨ ක්‍රියාවක්ය.

තරගාවලියේ ලකුණු පූවරු කෙටි වන්නට පටන්ගත් මොහොතේ මාධ්‍ය ඇමතූ නවීඩ් නවාස් පැහැදිළි කළේ දිගින් දිගටම තරගාවලියට යොදාගත් තණතීරුවල වැහැරීම ලකුණු හිඟ වී,පන්දු යැවීම ඉස්මතු වීමට හේතුවක් වී තිබෙන බවය.බුලවායෝ තණතීරුව ගැන නවීඩ් කි අදහස පසුව හරාරේ ක්‍රීඩාංගණයේත් යථාර්තය බවට පත් විය.එහෙත් ශ්‍රී ලංකාවේ ජයට වඩා විශිෂ්ට දායකත්වය ලබා දුන්නේ පන්දු යැවීමේ අංශය බව අප පිළිගත යුතුය.
තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ වනිඳු හසරංගය.ඒ 22 කි.මහේෂ් තීක්ෂණ ලැබූ කඩුලු ප්‍රමාණය 21 කි.ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී කඩුලු 80 ක් තමක් සහභාගි වූ තරගවලදී දවා ගන්නට සමත් විය.තවත් ආකාරයකට කිවහොත් සෑම කණ්ඩායමක්ම ශ්‍රී ලංකාව ඉදිරියේ සම්පූර්ණයෙන් දැවී ගියේය.

ලකුණු අතරට ඒමේදී ශ්‍රී ලංකාවේ කැපී පෙණුනම පිතිකරුවන් වූයේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නය.දෙදෙනාම මේ තරගාවලියේදී ශතක වාර්තා කරන්නට සමත් වූ අතර පැතුම් ශතක දෙකක හිමිකාරයෙක් විය.කුස්ල මෙණ්ඩිස්,ධනංජය ද සිල්වා,සහන් ආරච්චිගේ,සදීර සමරවික්‍රම,චරිත් අසලංක වැන්නන් ද ලකුණු අතර නිතර ගැවසිණ.

පන්දු යැවීමේ අංශයේදී වේග පන්දුව සඳහා වන අලුත් සොයා ගැනීම තරගාවලියට තෝරාගත් මුල් පිරිස අතර නොසිටියේය.ඒ ඩිලාන් මධුශංකය.දුෂ්මන්ත චමීර ආයෙමත් ලෙඩ කුලකයට වැටිණ.ලහිරු කුමාරට ද ඒ ඉරණමමය.මතීෂ පතිරන කණ්ඩායම ඇතුළට වද්දා ගත්ත් ද,ඔහු තව මෝරා වැඩිය යුතු බව පැහැදිළිය.කුමන හේතුවකට හෝ තුන් ඉරියව් හැකියාව ඇති පසුගිය එක්දින තරග ජයග්‍රහණය සඳහා ගෙන යාමට පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද උර දුන් ක්‍රීඩකයෙක් වූ චාමික කරුණාරත්න නම් කණ්ඩායමේ එකොළහ අතරට කැඳවීමක් නොලබාම තරග සංචාරය නිමා කළේය.එවැනි කාරණා ද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳින අතරේම ලියා තැබිය යුතුය.ඒ පුංචි කඩතොළු කාලයත් සමඟ විශාල වී නාය යාම් දක්වා වර්ධනය විය හැකි නිසාය.
කෙසේ හෝ අර්ජුන රණතුංග සහ ඔහුගෙන් උපදෙස් ලබන අමාත්‍යවරයාත්,ඔහු සමඟ සිටින ක්‍රීඩා සභාවට අයත් බහුතර ඇරියස්කාර තීරකයෝත් අයත් සුළු වපසරියක් හැරුණු විට මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම ශ්‍රී ලංකාවාසීන්ට ද සතුටුදායක ජයග්‍රහණයකි.එම ජයග්‍රහණය ඔවුන් ලබන්නේම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්නට සුදුසුම කණ්ඩායම තමන් බවට කිසිඳු පරාජිත සළකුණක් නොමැති පිරිසිදු සහ විශිෂ්ඨ ජයග්‍රහණ ප්‍රමාණයකින්ය.

දැන් සුදුසුකම් වටයට ක්‍රීඩා කර ජය ලැබූ කණ්ඩායමක් ලෙස යළි යළිත් මේ කණ්ඩායම අවතක්සේරු කිරීම නුසුදුසුය.ශ්‍රී ලංකාව පමණක් නොව නෙදර්ලන්තයද දැන් ලෝක කුසලානය සඳහා තරග වදින කණ්ඩායමක්ය.ඒ නිසා මේ කණ්ඩායම් දෙකම ලෝක කුසලානය ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග වදින ඒ සඳහා නුසුදුසු වු කණ්ඩායම් විශාල ප්‍රමාණයකට වඩා සුදුසුකම් ලැබූ අතළොස්සේ තිබෙන කණ්ඩායම්ය.ඒ නිසා මේ ජයග්‍රහණ වල පොල් කෙදි හොයමින් වෙහෙසෙන එක නවතා තමන්ගේ ඇසේ ඇති පොල් පරාල ගැන සැළකිලිමත් වෙමින් රටක් හැටියට සිතීම දක්වා පරාවර්ථනය වන්නට කුහක ක්‍රිකට් අදහස් ඇත්තන්ට අලුත් සිතුවිලි පහළ වේවා යන්න අපේ පැතුමය.

අප තරගාවලියේ ආරම්භයේ සිටම ලිව් පරිදි මේ තරගාවලියට සහභාගි වන හොඳම පන්දු යැවීමේ බල ඇණිය සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව බව සහතික කරමින් අවසන් තරගයේදී ශ්‍රි ලංකාව නෙදර්ලන්තය පරාජය කළ අවස්ථාවේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/netherlands-vs-sri-lanka-final-1377779/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan