මහින්ද රාජපක්ෂ ණයක් ගත්තා නම් ඒ හැම සතේකටම මහපොළවට වටිනාකමක් දුන්නා – නාමල් (VIDEO)

Date:

විදේශ රටවලින් ආධාර එනතුරු බලා සිටින යුගය අවසන් විය යුතු බවත් රටේ ආර්ථිකය ගොඩනැඟිය හැක්කේ දේශීය ගොවියා, ධීවරයා, ව්‍යවසයාකයා නඟා සිටුවීමෙන් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි දැක්කා පහුගිය කාලෙ තෙල් නැව් එනකල් බලන් හිටියා. ඒ වගේම තමයි අපේ රටේ ඉතිහාසයක් තිබුණා හාල් නැව එනකල් බලන් හිටපු. අද බොහෝ අය රාජපක්ෂලාගේ ණය ගැන කතා කරනවා. ණයට තිරිඟු පිටි ගෙනල්ලා තුනයි පනහට පාන් කන්න දීපු රටක් මේක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට පාලනය කරපු කාලේ ණයක් ගත්තා නම් ඒ හැම සතේකටම, හැම ඩොලර් එකකටම, හැම රුපියලකටම මහපොළවට වටිනාකමක් දීලා තියෙනවා. අද මේ පාරවල් ගොඩනැගිලා තියෙන්නෙ ඒ නිසා. වැව් අමුණු ඇළ වේලි ගොඩනැගුවෙ එතුමාගෙ කාලෙ. වරායවල් හැදුවෙ එතුමාගෙ කාලෙ. ඒ ගත්තු හැම සතේකටම, හැම ඩොලර් එකකටම, හැම රුපියලකටම මහපොළවෙ වටිනාකමක් දීලා තියෙනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...