මහින්ද රාජපක්ෂ ණයක් ගත්තා නම් ඒ හැම සතේකටම මහපොළවට වටිනාකමක් දුන්නා – නාමල් (VIDEO)

Date:

විදේශ රටවලින් ආධාර එනතුරු බලා සිටින යුගය අවසන් විය යුතු බවත් රටේ ආර්ථිකය ගොඩනැඟිය හැක්කේ දේශීය ගොවියා, ධීවරයා, ව්‍යවසයාකයා නඟා සිටුවීමෙන් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි දැක්කා පහුගිය කාලෙ තෙල් නැව් එනකල් බලන් හිටියා. ඒ වගේම තමයි අපේ රටේ ඉතිහාසයක් තිබුණා හාල් නැව එනකල් බලන් හිටපු. අද බොහෝ අය රාජපක්ෂලාගේ ණය ගැන කතා කරනවා. ණයට තිරිඟු පිටි ගෙනල්ලා තුනයි පනහට පාන් කන්න දීපු රටක් මේක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට පාලනය කරපු කාලේ ණයක් ගත්තා නම් ඒ හැම සතේකටම, හැම ඩොලර් එකකටම, හැම රුපියලකටම මහපොළවට වටිනාකමක් දීලා තියෙනවා. අද මේ පාරවල් ගොඩනැගිලා තියෙන්නෙ ඒ නිසා. වැව් අමුණු ඇළ වේලි ගොඩනැගුවෙ එතුමාගෙ කාලෙ. වරායවල් හැදුවෙ එතුමාගෙ කාලෙ. ඒ ගත්තු හැම සතේකටම, හැම ඩොලර් එකකටම, හැම රුපියලකටම මහපොළවෙ වටිනාකමක් දීලා තියෙනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...