අරගල හමුවේ ලෝකයේ බොහෝ රාජ්‍ය බිඳවැටුණත් රනිල් ලංකාව කෙටි කලකින් ගොඩගත්තා – මහින්දානන්ද

Date:

ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ජූලි 09 වනදා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවෙම එකමගකට මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

කිසිවෙකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...