රාජපක්ෂලාගේත් සිරිසේනගේත් පතුරු අරිමින් මර්වින් යළි කරළියට. රනිල්ගෙන් ඉල්ලීමකුත් කරයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටින කේවට්ටයින් පිරිසක් මුදල් තණ්හාවෙන් යුතුව රටේ සම්පත් විකුණා දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

ඇතැම් රාජ්‍ය ආයතන විකිණීම සඳහා ඔවුන් දැනටමත් කොමිස් මුදල් ලබාගෙන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව පැවසූ හිටපු අමාත්‍යවරයා එකී දූෂිතයින්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොදී කකුලෙන් අදිමින් සිටින බවත් පැවසූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා බැසිල් සහ ඔහුගේ කණ්ඩායමට එරෙහිවත් තදින් සිටින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

රාජපක්ෂ පවුලට සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළ මර්වින් සිල්වා හැකි නම් තමන්ට එරෙහිව නඩු පවරන්නැයි ඔවුන්ට අභියෝගයක් ද කළේය.

මර්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ පෙරේදා (08) කැළණිය ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...