*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/10

  1. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නිර්දේශ මත තවත් මාස තුනක සේවා දිගුවක් හිමිවෙයි: මෙම සේවා දිගුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිරිනමා තිබේ.
  2. නව දූෂණ විරෝධී පනත හරහා “සැබවින්ම ස්වාධීන කොමිෂන් සභාවක්” බිහිවනු ඇති බව අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න පවසයි: මෙම කොමිෂන් සභාව මර්දනය කිරීමට තැත් කරන වෑයම් හමුවේ විශාල ජනතා විරෝධයක් ගොඩනැඟෙනු ඇති බවට පවසයි: මෙම වෙනස පිළිගෙන “හොරු අල්ලා නැත” වැනි “හිස් සටන් පාඨ” වලින් දුරස් වන මෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
  3. කොළඹ 02, ලිලී වීදියේ, අංක 25 හි පිහිටි කීර්තිමත් ‘විසුම්පැය’ දේපල, Azotels සහ Hunas Holdings PLC වෙත දිගුකාලීන ලෙස බදු දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුම්ගත වෙයි: මෙරට උරුමයන් පුනර්ජීවනය කිරීමට අපේක්ෂා කරන දිගු සංවර්ධනයක් කරා යාමට එලෙස ගිවිසුම්ගත වූ බවට එම අධිකාරිය පවසයි.
  4. ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති, පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති, හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යළි සොයා ගැනීමට ජනතා සහාය පතන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසයි: මෙම භාණ්ඩ ඉකුත් 2022 ජූලි 09 දින අරගලයේදී ජනතා නැඟිටීමේ දී අතුරුදන්ව ඇති බවට පැවසෙන අතර, සොයාගතහොත් ජූලි 31 වන දින වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන මෙන් ඉල්ලා සිටියි.
  5. ඉකුත් වසරේ ඉහළ උද්ධමනයක් ඇතිවීම සහ සැලකිය යුතු මට්ටමකින් රුපියල අවප්‍රමාණය වීමට ප්‍රතිචාර වශයෙන් දේශීය ණය දැනටමත් ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය වී ඇති බැවින් “ණය තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය නොවන” බවට වූ ස්ථාවරය දිගටම පවත්වා ගෙන යාමට කටයුතු කරන බව මහ බැංකුව පවසයි: දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට විරුද්ධ වීම තම මුල් ස්ථාවරය වූව ද, ණය සාකච්ඡා ක්‍රියාවලියේදී යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිගැනීමට සිදුවූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
  6. ඩෙංගු මත ශ්‍රී ලංකාවේ මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 32 දක්වා ඉහළට: මෙම වසර තුළ ඩෙංගු ආසාදිතයන් 51,298 හඳුනා ගෙන ඇත: වැඩිම ආසාදන සංඛ්‍යාව හඳුනාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 11,206 කි: ජූලි මස පළමු දින 08 තුළ නව ආසාදන 1,978 වාර්තා වී ඇත: මහජන සෞඛ්‍ය කලාප 43 ක් ඩෙංගු සඳහා අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.
  7. මැලේසියානු එයාර් ඒෂියා සහ තායිලන්තයේ ඒෂියා ගුවන් සේවයේ හවුල් ව්‍යාපාරයක් වන “තායි එයාර් ඒෂියා” (Thai Air Asia), බැංකොක් නුවර (දොන් මුවැන්ංග්) සිට කොළඹ දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කරයි: මෙම සේවාව සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වන බව සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම පවසයි (AASL) පවසයි: මඟීන් 134 රැගත් පළමු ගුවන් ගමන ඉකුත් ඉරුදින (09) ප.ව. 10 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණ තිබේ.
  8. අනවශ්‍ය සමාජ කැළඹවීම් ඇතිවීම වැළැක්වීම සඳහා, විහාරස්ථානවල සිදුවන “හුදෙකලා සිදුවීම්” සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි: නවගමුව ප්‍රදේශයේ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත: ප්‍රශ්නගත භික්ෂුවට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැක්කේ මහනාහිමිවරුන්ට පමණක් බැවින් බුද්ධ ශාසන අමාත්‍යංශයට මේ පිළිබඳ මැදිහත් වීමක් සිදුකළ නොහැකි බව ද පවසයි.
  9. ලෝකයේ බිහිවූ අරගල හමුවේ බොහෝ රටවල් කඩා වැටී වසර ගණනාවක් අරාජික වූ මුත් වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ප්‍රතිස්ථාපනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි නායකත්වය හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ පවසයි: ජූලි 09 යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තබා පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ඉතිහාසගත වනු ඇති බව ද පවසයි.
  10. සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක තියුණු ජයක් ශ්‍රී ලංකා පිල වාර්තා කරයි: මෙය ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ 10 වැනි ජයග්‍රහණයයි: නෙදර්ලන්තය පන්දුවාර 23.5කදී ලකුණු 105කට දැවී ගියේය: දඟපන්දු යවන වනිඳු හසරංග ලකුණු 35ට කඩුලු 02 ද, කඩුලු 22ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලාභී ක්‍රීඩකයා බවට පත්වෙයි: දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ පන්දුවාර 6.3කදී ලකුණු 31ට කඩුලු 4 ක් ද, කඩුලු 21ක් ද දවාගනියි: ඩිල්ෂාන් මධුශංක පන්දුවාර 7කදී ලකුණු 18ට කඩුලු 03කි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan