විදුහල්පතිවරුන්ට සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

විදුහල්පතිවරුන්ට සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව පවසන්නේ, වැටුප්, දීමනා පිළිබඳව විදුහල්පතිවරුන් සිදුකරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අධ්‍යාපන ලේකම්වරිය සහ මහා භාණ්ඩාගාරය එක්ව එම තීරණය ගනු ලබන බවත් විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූ බවත්, එමෙන්ම විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කමිටුව ඔස්සේ සෙසු දීමනා සමග සසඳා බලා විසඳුමක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ, පාසල් පද්ධති තුළ විදුහල්පතිවරුන් 16,000ක් සිටිය යුතු වුවත් , තමන් අමාතය ධූරය බාරගන්නා විට 9000ක විදුහල්පතිවරුන් පිරිසක් පමණක් සිටි බවත් පසුව 4000කට වැඩි පිරිසකට විදුහල්පති පත්වීම් ලබාදී පාසල් පවත්වාගෙන යෑමට පියවර ගත් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...