රනිල්ගේ උප්පරවැට්ටිවලට නම් අපි ඉඩක් තියන්නේ නැහැ – චන්දිම වීරක්කොඩි

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූර කාලය තව වසරකින් දීර්ඝ කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කිසිදු ඉඩක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

වික්‍රමසිංහ මහතාගේ උප්පරවැට්ටිවලට හසු නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයෝ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් අතර මිනිස්සුන්ගේ ජන්දයේ ගෞරවය ආරක්ෂා කරන බහුතරයක් ඉන්නවා. ඔලුවෙන් හිටගත්තත් ඔය තුනෙන් දෙක ලැබෙන්නේ නැහැ. ඒවගේම ඒ ගත්තත් මැතිවරණ කොමිසම කෙළින් ඉන්නවා නම් ඒ වැඩේ කරගන්න බැහැ. හැබැයි මේ කරන්න හදන්නේ උසාවි ගියාට පස්සේ දින14 ඇතුළත අනිවාර්යෙන් උසාවියෙන් කියනවනේ ජනමතවිචාරණයක් අවශ්‍යයි කියල. පාර්ලිමේන්තුවේ තියෙනවා 62 (2)වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ධූර කාලයත් අවුරුදු පහයි. ජනාධිපතිගේ කාලයත් අවුරුදු පහයි. හැබැයි ජනාධිපතිගේ ධූර කාලය දන අවසන්. පාර්ලිමේන්තුවේ ධුර කාලය තව අවුරුද්දක් තියෙනවා. ඒ නිසා තව අවුරුද්දක් ජනාධිපතිගේ ධුර කාලය දික්කරොත් එහෙම මේ රටේ ජනාධිපති ජන්දෙයි පාර්ලිමේන්තු ජන්දෙයි එකට තියන්න පුළුවන් කියල අදහසක් කියන්න පුළුවන්. මොකද විදුලි බිලත් අඩුකරන්න යනවා. අස්වැසුමත් තව පිරිසකට දෙන්න යනවා, ප්‍රතිපාදන නොදුන්න මන්ත්‍රීවරුන්ටත් ප්‍රතිපාදන දෙන්න හදයි. මේ ජනාධිපති තව අවුරුද්දක් තියා ගත්තොත් මේ රටට සුබ අනාගතයක් කියල ජනමත විචාරණයට සූදානම් වෙනවා කියන උප්පරවැට්ටිය දාන්න හදන්නේ කියල ඔබතුමා කියන්න කලින් අපි දන්නවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!