*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

අද වැනි දිනක, කපිතාන් අලදෙණිය ඇතුළු සෙබලුන්ට දිවි අහිමි කළ කොකාවිල් ලතෝනිය!

සටහන – රත්නපාල ගමගේ

ජූලි 11, (LNW) ස්විස්ටර්ලන්තය: ජූලි මාසය ශ්‍රී ලංකා ධාරණීතලයේ කිසිදා අමතක නොවන ඓතිහාසික පාඩම් රැසක් කියාදෙන මාසයයි. ඉන් පාඩම් ඉගෙන අනාගතය සකසා ගන්නට හොඳම අවස්ථාව වුවත් ජූලි මාසයෙන් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගත්තා දැයි සැකයකි. මේ වසර නව ජනාධිපතිවරයකු යටතේ පාලනය වීමට නියමිත නිසාත් ජුලි මාසය අමතක කර අපිට ඉදිරි වසරවල් අධික්‍රමණය කිරීමට නොහැකි නිසාත් ජූලියෙන් අපි ඉගෙන ගත යුතු දෑ මෙනෙහි කරදීම අතිශය වැදගත්කමක් ඇතැයි සිතන හෙයින් මේ සටහන යෙදීමට අවසර.

ජූලි අපිට බද්ධ වී තිබෙන්නේ ව්‍යවහාර භාෂාවෙනි. නිකමට මෙන් අපට මළ ජූලිය යැයි කියවීමෙන් විසඳිය නොහැකි ආරවුලක් ඉන් ගම්‍ය වෙයි. ආදිවාසීන් ජූලි හතයි කියවීමෙන් ප්‍රශ්ණයක් ඉස්මතු වී ඇති බව ඉන් වැටහේ. සිංහල භාෂාව හා එක් වූ නවතම වචනය වූයේ කළු ජූලිය, එය අපේ රටේ අමිහිරි මතක රැසක් නිර්මාණය කළා වූ කාල පරිච්ඡේදයක් ලෙසට අපේ ඉතිහාසයට එක් වී තිබේ . කළු ජූලිය නිර්මාණය වූයේ 1983 ජූලි 23 වන දිනය .එයට හේතුව දෙවන ලුතින් වාස් ගුණවර්ධන යි (සිංහරෙජී) ඇතුළු සෙබළුන් දහතුන් දෙනකු යාපනයේ ටී හන්දියේ දී බිම්බෝම්බයක් පිපුරුවා මරණයට පත් කර මළ සිරුරු විකෘති කර දැමීමයි. එම මළ සිරුරු කොළඹ කනත්තේ මිහිදන් කිරීමට සැරසෙන බවට ලැබුණු ආරංචියකට අනුව කොළඹ කනත්ත වැටලූ ජනතාව ඉන් නොනැවතී බොරැල්ලෙන් ඇවිලු ජාතිවාදී ගින්න මුළු රට පුරා පැතිරවීම කළු ජූලයේ ආරම්භය විය. මේ නිසා අහිංසක සිංහල දෙමළ මුස්ලිම් නිරායුද මිනිසුන් ජාතිවාදී ගින්නෙන් දැවී ගිය අතර ඔවුන්ගේ දේපළ (මිලියන ගණන් වටිනා) විනාශ විය.

මේ ජාතිවාදී ප්‍රහාර නිසා ඇඳිවත පමණක් ඉතිරි වූ ද්‍රවිඩ ජනතාවට බටහිර ලෝකයේ දොරටුව විවෘත වූ අතර ලංකාව වනචාරී යුගයේ ජීවත්වන ගෝත්‍රික බහුතර ජනකායක් සිටින රටක් බවට හැඳින්විණි.

එල් ටී ටී ඊ නායක ප්‍රභාකරන් සෑම වසරකම කළු ජූලය සමරන්නේ දෑතට දෑතක් ඇසට ඇසක් න්‍යායෙනි. ඔහු ඒ සඳහා තෝරාගන්නේ හමුදා සෙබළුන් විසින් රකිනු ලබන හමුදා කඳවුරකි.

එලෙස හමුදා සෙබළුන් සිටි කඳවුරක් හුදෙකලා කොට සියලු සැපයීම් මාර්ග අහුරා ජාත්‍යන්තර මානුෂීය යුධ නීති පසෙකලා හමුදා කඳවුරකට කඩා වැදී සෙබළුන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ආසන්නම සිදුවීමක් ජූලි එකොළොස්වන දින අසන්නට ලැබුණි. ඒ 1990 වසරේදීය. කඳවුර වටකර පහර දෙද්දී මරණයේ සෙවනැලි තමන් ඉදිරිපිට හොල්මන් කරද්දී දෙදඬෙන් වැටී නිවට නියාලු බයියන් ලෙස නොව කැප්පෙටිපොළ පුරන් අප්පු පරපුරේ දරුවන් බව පසක් කරවමින් ලොව අසමාන සාමූහික ජීවිත පරිත්‍යාගයක් කළ එකම සටන ලෙස ඉතිහාසයට එක් විය. කොකාවිල් සටන ජයගන්නේ එලෙසිනි. එහි වීරයා කපිතාන් සාලිය උපුල් අලදෙණිය යුගයේ වැඩියෙන් කතා කළ යුතු වුවත් අඩුවෙන්ම කතාකර ඇති මේ සටන අපේ යුධ සාහිත්‍යය ා ඇති පුවතකි.

1990 ජූලි එකොළොස් වැනි දා රාත්‍රී 11.45 ට කොකාවිල් කඳවුරට එල්ල වූ අවසන් බර අවි ප්‍රහාරයෙන් කඳවුරේ තිබූ සියලූම විකාශන මාධ්‍යයන් විනාශ කරවූහ. එල්ටීටීඊ ප්‍රහාර මධ්‍යයේ කපිතාන් අලදෙණිය ඇතුළු සොල්දාදුවන් නව දෙනෙක් තම සතුරා ඉදිරියේ ද දෙදෙන නොනමා අභීතව සටන් කර මව්බිම වෙනුවෙන් පරිත්‍යාගය සනිටුහන් කළහ. මෙවැනි සමූහ ජීවිත පරිත්‍යාගයක් ලෝකයේ යුධ හා ඉතිහාසයේ අතිශයින්ම විරලය.
කොකාවිල් හමුදා කඳවුර පිහිට වූයේ රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහාය. එහි පළමු හමුදා කණ්ඩයේ අණ දෙන නිලධාරියා වූයේ පසු කලෙක යුද හමුදාපති වූ ජෙනරල් දයා රත්නායක මහතාය. 1982 ජපන් රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් පරිත්‍යාගයක් වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශනය උතුරටත් බෙදා හැරීම සඳහා උතුර දකුණ යා කරන පාලමක් හා සමාන නිසා එය අතිශයින් වැදගත්ය.මෙම කඳවුරේ හමුදා භටයින්ට අමතරව හමුදාවේ සිවිල් සේවකයින් කිහිප දෙනෙක් ඇතුලත් විය. ඒ අතරට කෝකියන් සහ වේටර්වරු ද විය. මීට අමතරව රූපවාහිනී සංස්ථාවේ සේවකයින් සහ රියැදුරෙක් සේවයේ යෙදී සිටියහ.

1990 ජුනි මස වන විට ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර එනිසාම කඳවුරේ සිටි දෙවන අණ දෙන නිලධාරී රත්නායක සහ සෙසු සෙබලුන් පිටත්ව ගොස් තිබුණි.

රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වවුනියාව යාපනය මාර්ගයේ මාන්කුළම් නගරයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබුණි. ඒ 9 මාර්ගයේ පිහිටි කොකාවිල් රූපවාහිනී මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් වනගහනයක් සහිත ප්‍රදේශයකි. සවසක් නිසා පාළු මූසල අඳුරු ස්වභාවයක් ඉසිලීය.

1990 ජුනි 27 දින කඳවුර ආසන්නයේ ප්‍රහාරක රථයක් නවත්වා හමුදා කඳවුරට වරින් වර ප්‍රහාර එල්ල කරන්නට එල්ටීටීඊ සංවිධානය සැරසෙන බව පෙනුන නිසා ප්‍රතිප්‍රහාර දී ඒවා මර්දනය කිරීමට කඳවුරට හැකි විය. ටිකෙන් ටික ඔවුන්ගේ ග්‍රහණයට තමන්ව නතු කරගන්නා බව තේරුම් ගිය නිසා අතිරේක බලඇණී එවන ලෙස ඉල්ලා සිටියත් එම බලෑනි යැවීමට නොහැකි වන සේ මාර්ග බාධක යෙදූ මාර්ග අවහිර කර තිබුණි.

කඳවුරට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් සහ පතරම් දෑ හෙලිකොප්ටර් යානාවක් මගින් එවන්නට උත්සාහ කළද සම්පූර්ණයෙන් ආහාර බෙහෙත් ආදී අත්‍යවශ්‍ය ද්‍රවය යැවීම ද ඇනහිටින ලදී. උග්‍ර ආහාර සහ බෙහෙත් හිඟය පතරොම් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඳවුරට යැවීමට නොහැකි නිසාත් අතිරේක බලඇණි නොමැති නිසාත් කඳවුර අතහැර පලායන ලෙස හමුදා මූලස්ථානයෙන් උපදෙස් යැවූහ.

වහාම හමුදා මූලස්ථානයේ එවූ පණිවිඩය අණ දෙන නිලධාරි කපිතාන් අලදෙණිය විසින් ඔහුට මූලස්ථානයෙන් ලැබුණු අණ සෙබළුන්ට කියවා දුන්නේය. තමන්ට කිසිසේත්ම කඳවුර අතහැරයා නොහැකි බවත් ඊට හේතුව තුවාල ලැබූ සෙබළුන් රැසක් සිටින බවත් මළසිරුරු කීපයක් ඒ අතර ඇති බවත් කීය. තමන්ට කඳවුරෙන් පිටවයා නොහැකි බවට කපිතාන් අලදෙණිය සෙබළුන්ට කීය.

ඔවුන් සියලු දෙනාම(සෙබළුන්) අණ දෙන නිලධාරියා තනිකර කඳවුරෙන් පිටව නොයන බව සපත කළහ . “සර්ව දාලා යන්නේ නෑ. අපි සියලු දෙනාම එකට මැරෙමු.” සෙබළුන්ගේ එකම අධිෂ්ඨානය විය.මේ අධිෂ්ඨානය මොන තරම් බලසම්පන්නද? කුසට අහරක් නොමැතිව බීමට ජල බිඳුවක්වත් නැති තරම්ය. වෙඩි වැදීමෙන් ලත් තුවාල වලට බෙහෙත් දැමීමක් නොමැත. එම තුවාල පැසවා කුණු වී පණුවන් පැටව් ගසමින් සිටි බවට සුළු සේවක දයානන්ද දයානන්ද පසුව ප්‍රකාශ කර තිබුණි. මේ වනාහී සාමූහික වීරත්වයක් සහ සාමූහික ජීවිත පරිත්‍යාගයක් එකවර යුද්ධයක් වැනි සිදුවීමකදී සිදු වූ විරල අත්දැකීමක් සේ සනිටුහන්වී තිබේ.

කඳවුරේ තිබූ අඹ ගසේ ගැට අනුභව කරමින් සතුරා සමග සීමිතව තිබූ පතරම්වලින් සටන් කරමින් සිටිනා සෙබළ පිරිස ජූලි එකොළොස්වන විට දැඩි ලෙස අසරණව සිටියහ. එසේ අසරණව සිටියත් තම සතුරා ඉදිරියේ චිත්ත ධෛර්යයේ කිසිදු අඩුවක් නොපෙන්වා සතුරා ඉදිරියේ දැනගැසීමට සුදුසුකම් නැති බව ලොවට පෙන්වූ මේ රණ විරුවෝ පනස් නව දෙනා කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය තුළදී සතුරන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර ගොඩනැගිල්ලේ බුර බුරා නගින ගිනිදැල් අතරට විසිකර දැමූහ. ජාතියක් එසේ ගින්නට හසුවී යද්දී කී දෙනෙක් මේ සිදුවීම ගැන කතා කළාදැයි අදටත් ප්‍රශ්නයකි. ලුතිනන් අලදෙණිය වැනි විරුවන් මළවුන්ගේ ඉතිහාස කතා පොත් වලට ඇතුලත් විය යුතු නමුත් බොහෝ දෙනකුට අද එය අමතකව ගොස් තිබේ.

කොකාවිල් යනු අදටත් ඒ නවය මාර්ගයේ පිහිටි අභිමානවත් ජාතියේ සංකේතයකි. ඒ අවසන් හුස්ම පොඳ වාතලයට එක් වූවත් සතුරාට අවනත නොවී මව්බිම වෙනුවෙන් දිවි පිදූ විරුවන් විසූ පින්බිමක් නිසාය. කොකාවිල් යනු යන එන ගමන්බිමන්වලදී හුස්නෙන් නැගිට හෝ නැගිට හෝ ගරුසරු කොට ගමන් කළ යුතු පින්බිමකි. රඒ රටක් ජාතියක් එකීය වශයෙන් තබා ගැනීම නිසා තම රුධිරය මහ පොළොව මත තෙත් කළ අසහාය යුද විරුවන් රැසක් එකම මොහොතේ එකට අවසන් ගමන් ගිය මොහොත අදවැනි දවසකදීය. ඒ 1990 ජූලි එකොළොස්වල දින රාත්‍රී එකොලහයි හතළිස් පහටය.

(ලියුම්කරු විසින් රචිත රණබිමක පණ්්ඩිත කෘතිය ආශ්‍රිතව සකස් කෙරිණි)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan