හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිවරයාගේ විරෝධය!

0
1242

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

කොළඹ මහාධිකරණය හමුවේදී, හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට නීතිපතිවරයා ලිඛිතව සිය විරෝධතා භාරදුන් බව සඳහන් වේ.

මේ වන විට, තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව වැරදිකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම් විදිමින් සිටින අතර, ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙන තුරු ඇප මත මුදා හරින ලෙස ඇය ඉල්ලා ඇත.

නීතිපතිවරයා ඊට විරෝධතාව පළ කළේ, එම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී බව සඳහන් වේ.