සුසන්තිකාගේ මවට අපේ අවසන් ගෞරවය

0
4292

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :

රබර් කට්ටියේ වෑහුණ කිරෙන් නිවා කුස ගින්දර
තැබූ මවයි ඈ වෙන්නේ තනා දුවක් ලොව අද්දර
ලොව දිණුමට රට බබලා දූගේ දෙපා සවි දැඬි කර
කෙරූ පිනට රටේම හිස නැමෙන මවක් ඔබ පිං බර

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මෑණියන් වන මැණික්පුරගේ බේබිනෝනා මාතාව දිවි සැරිය නිමා කර ඇත.ලංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් පදක්කමක් මෙන්ම ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ පදක්කමක්ද දිනා දෙමින් රටේ සියලුම පුරවැසියන්ට ලෝකය ඉදිරියේ ආඩම්බර විය හැකි දුවක් තැනීම වෙනුවෙන් ඇය විඳි දුක් ගැහැට අපමණය.ඉතිං එවැනි වීරියවන්ත කාන්තාවක් වන ඇයගේ නික්ම යාම මොහොතේ අපි අපේ උත්තමාචාරය ඒ ශ්‍රේෂ්ඨ මාතාව වෙනුවෙන් පුද කරමු.