(VIDEO):පරාජිත දේශපාලකයින්ට තනතුරු ලොකු වුණාට මට ඒවා ලොකු නෑ.අද සමහරුන්ට කඳ බඩ විතරයි බුද්ධියක් නෑ!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමඟි ජන බලවේගයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාරජිත දේශපාලකයින්ගේ හා සංවිධායකවරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අප්‍රසාදය පළකළේය.

සමඟි ජන බලවේගය විසින් කළුතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරු කැඳවා දේශපාලන සාකච්ජාවක් කර තිබෙන අතර එහිදී රට වෙනුවෙන් කතා කිරීම හැර තමන් පිළිබඳව සහ තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් කතා කර තිබෙන බවයි සේනාරත්න මහතා පැවසුවේ.

නමුත් තමන් හැම විටම කතා කරන්නේ රට දිනවීම ගැන බව විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හොඳින්ම දන්නා බව රාජිත සේනාරත්න මහතා එහිදී කිය සිටියේය.

”මම කතා කරන්නේ රට දිනවනේ කොහොමද කියලා. එයාලට තනතුරු ලොකු වුණාට මට ලොකු නැහැ. අද අපේ රට ආපස්සට ගියේ පක්ෂ දේශපාලනය නිසා. එදා ආයුධ වලින් කරපු යුද්දය අද ඩොලර් වලින් කරන්න වෙලා තියෙන්නේ. බෙහෙත් නැතුව මිනිස්සු මිය යනවා. මේ වගේ ඛේදවාචකයක රට තියෙන්නේ. මේවා ගැන බලන්නේ නැති මොන දේශපාලනයද කරන්නේ. බොරු දේශපාලනයට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගැසෙන්න ඕන. රට මේ තරම් ව්‍යසනයකට පත් වෙලා තියෙන වෙලාවක දේශපාලනය කරලා වැඩක් නැහැ. ගම්පහෙනුයි කලුතරිනුයි ගණිකාවෝ දෙන්නෙක් යන්න ලෑස්තිවෙලා ඉන්නවා කියලා ගම්පහ මන්ත්‍රීවරයෙක් කියනවා. එයා තමයි ගණිකාව කියලා කවුරුවත් දන්නවා. පාසල්වලට ගිහිල්ලා ළමයිට දේශපාලනය කතා කරනවා. සුහුරු පන්ති කාමරය විවෘත කරද්දී ඒකෙ ගිහිල්ල කතාකරන්නේ මොකක්ද? මේ තුට්ටු දෙකේ දේශපාලනය. මගේ ගැන. මං කරන වැඩ ගැන. ඕක වැඩක් තියෙනවද අර කුඩා දරුවන්ට. ඒ දෙමව්පියන්ට හරි ගුරුවරුන්ට හරි වැඩක් තියෙනවද ඕක. එහෙමවත් බුද්ධියක් නැති ඔලුවක් නැති ඇඟ කඳ බඩ විතරක් තියෙන මිනිස්සු අද දේශපාලනයට ඇවිල්ලා ඒගොල්ලෝ බහුතරයක් වෙලා අපිට එනවා දේශපාලනය උගන්වන්න. මේගොල්ලෝ මොන දේශපාලනයක්ද දන්නේ. එතකොට ඒ සුහුරු පන්ති කාමරයේ තමන්ගේ කුලිය ගෙව්වේ නැහැ කියල දරුවාගේ කොම්පියුටරය උස්සගෙන යනවා. ලැප්ටොප් එක උස්සගෙන යනවා. එය හැබැයි සුහුරු පන්ති කාමරයට ගිහින් අපි ගැන කතා කරනවා. මේ විකෘති දේශපාලනට එරෙහිව මේ රටේ මධ්‍යස්ත ජනතාව පෙළ ගැහෙන්නයි කියල මම ඉල්ලනවා.” යනුවෙන් සේනාරත්න මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර...

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ හිරවෙලා – නැවත රටට ගෙන්වන්න පුළුවන්ද? බැරිද? – අලුත්ම තත්ත්වය මෙන්න!

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...