මාලමුල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

0
902

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර – හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී අද (ජුලි 11) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකුට මෙසේ වෙඩිතබා ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.

නාඳුනන තුවක්කුකරුවකු විසින් නිවසේ ජනේලයක් බිඳ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇතැයි සැකකරන බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පොලිස් කණ්ඩායම් 3ක් යොදවා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.