ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රහාරයෙන් ආසියාව කම්පනයට පත්ව සිටී

0
257

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර තීරුබදු ලිපි යවන ලද රටවල් 23 ක ලැයිස්තුවට අනුව, ඉන් 14 ක් ආසියාවේ ය.

ඒ අනුව, මෙම කලාපය තුළ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා, බොහෝ ඒවා අපනයනය මත පදනම් වූ නිෂ්පාදන මධ්‍යස්ථාන වේ.

ලොව පුරා රටවල් එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹීමට අගෝස්තු 1 වන දින දක්වා කාලය ඇති මුත්, ගිවිසුමක් ඇති කර ගත් ආසියාවේ පළමු රට වියට්නාමය වූ නමුත්, වොෂින්ටනයට එරෙහිව එයට එතරම් ශක්තියක් නොමැති අතර එය දැන් 40% දක්වා බදු වලට මුහුණ දී සිටී.

කාම්බෝජයට ද එය එසේම වේ. අපනයන මත දැඩි ලෙස රඳා පවතින දුප්පත් රටක් වන එය, ට්‍රම්ප් 35% තීරුබදු තර්ජනය කරන බැවින් ගිවිසුමක් සාකච්ඡා කරමින් සිටී. අනෙක් අතට, දකුණු කොරියාව සහ ජපානය ධනවත් වන අතර ශක්තිමත් භූ-දේශපාලනික ශක්තියක් ඇති බැවින් ඔවුන්ට දිගු කාලයක් රැඳී සිටීමට හැකි විය හැකිය.

දිගුකාලීන එක්සත් ජනපද සගයෙකු වන ජපානය ඔවුන් වෙනුවෙන් පනවා ඇති 25%ක බද්ද වෙනස් කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි. මේ වන විට ඒ වෙනුවෙන් සාකච්ජාවට ගණනාවක් පවත්වා ඇති අතර ජපානයේ වෙළඳ අමාත්‍යවරයා ඒ පිළිබඳව සාකච්ජා කිරීමට අවම වශයෙන් හත් වතාවක් වොෂින්ටන් ඩීසී වෙත ගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප ආර්ථික හා මිලිටරි සම්බන්ධතාවයක් තිබියදීත්, ජපානය අනෙකුත් ආසියානු වෙළඳ හවුල්කරුවන්ට සමානව සලකනු ලැබ ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් නිකුත් කරමින්, මුලින් පැවති සියයට 44 ක තීරුබදු ප්‍රමාණය අඩු කරමින් සියයට 30 ක තීරුබදුවක් නියම කර ඇති බවත්, අවාසනාවකට මෙන්, අපගේ සම්බන්ධතාවය අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ දුරස් වී ඇති බවත්, 2025 අගෝස්තු 01 වන දින සිට, සියලුම ආංශික තීරුබදු වලින් වෙන්ව, එක්සත් ජනපදයට යවන ඕනෑම සහ සියලුම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අපි ශ්‍රී ලංකාවෙන් සියයට 30 ක තීරුබදුවක් අයකරන බවටත් දන්වා ඇත.

කෙසේ නමුත් මේ සමබන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මෑතකදී අනතුරු ඇඟවූයේ වෙළඳ අවදානම් ශ්‍රී ලංකාවේ වර්ධනයට 1.5% කින් පමණ බලපෑ හැකි බවත්, තීරුබදු වල ආර්ථික බලපෑම මෙතෙක් තක්සේරු කිරීම දුෂ්කරවන බවත්, වඩා හොඳ විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව දිගටම කටයුතු කරනු ඇති බවත්ය.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් ඉන්දියාව සමබන්ධයෙන් තවමත් ලිපියක් නිකුත් කර නොමැති අතර ගනුදෙනුවක් ආසන්න බව පෙනෙන්නට තිබුණත්, ඉන්දියානු කෘෂිකාර්මික වෙළඳපොළට ප්‍රවේශ වීම සහ රටේ ආනයන නීති ඇතුළු ප්‍රධාන ගැටළු හේතුවෙන් එය ප්‍රමාද වන බව පෙනේ.