මෙවර සා.පෙළ වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන්: එය 75.64% ක ප්‍රතිශතයක්

Date:

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , පසුගිය වසරේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

2024 වර්ෂයේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය. එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි. සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසූ අතර, එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

ඒ අනුව එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.47%  

මේ අතර ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ. එමෙන්ම ඉංග්‍රීසි විෂයද 73.82%ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය. 
   

විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%
 

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%
 

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වෑන් රථයක් අනතුරේ: පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW : පාසල් වෑන්...

නීතියට උඩින් හිටපු වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා අපි නීතිය යටට ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW: මෙතෙක් කල් නීතියට උඩින් සිටි වික්‍රමසිංහලා,රාජපක්ෂලා,ප්‍රේමදාසලා,චන්ද්‍රිකාල මේ...

සුව වූ වහාම හිටපු ජනපති සියලු පාර්ශව ආමන්ත්‍රණය කරයි – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: පසුගිය දින කිහිපය තුළ...

මෙරට ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: මෙරට ආරක්ෂක හමුදාව ලෝකයේ...