පකිස්ථානයේ තුවක්කුකරුවන් සිවිල් වැසියන් 9 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

0
519

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේදී තුවක්කුකරුවන් පිරිසක් බස් රථවල ගමන්ගත් සාමාන්‍ය සිවිල් වැසියන් 9 දෙනෙකු පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

අගමැති ෂෙබාස් ෂරීෆ් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සිද්ධිය තහවුරු කරමින් සඳහන් කර තිබුණේ, අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම ඉන්දියාවේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් වන බවයි.

ඔහුගේ ප්‍රකාශයට ඉන්දියාවෙන් ක්ෂණික ප්‍රතිචාරයක් නොමැති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු තවමත් භාරගෙන නොමැත.