කෙහෙළියට අධිචෝදනා භාරදීම සැප්තැම්බර් 16!

Date:

කොළඹ LNW: ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

මෙම නඩුවට අදාළ චෝදනා පත්‍ර ගොණු කර තිබූණ ද ඇමුණුම් ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබෙන අතර එම ඇමුණුම් ලැබීමට දින විසි එකක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමට නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...