ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළඳපොලේ ASPI ඒකක 18500 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉතිහාසයේ පළමුවරට අද (ජුලි 11) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,500 සීමාව පසුකළේය.

ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

පෑන් ඒෂියා බැංකුව (රු. බිලියන 1.2), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 593), හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 533), හේලීස් ෆැබ්රික් (රු. මිලියන 320) සහ ඇක්සෙස් ඉංජිනියරින් (රු. මිලියන 287) යන සමාගම් අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදී තිබිණි.

රුපියල් බිලියන 10.22 ක දැවැන්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...