ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළඳපොලේ ASPI ඒකක 18500 ඉක්මවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ඉතිහාසයේ පළමුවරට අද (ජුලි 11) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,500 සීමාව පසුකළේය.

ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

පෑන් ඒෂියා බැංකුව (රු. බිලියන 1.2), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 593), හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 533), හේලීස් ෆැබ්රික් (රු. මිලියන 320) සහ ඇක්සෙස් ඉංජිනියරින් (රු. මිලියන 287) යන සමාගම් අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදී තිබිණි.

රුපියල් බිලියන 10.22 ක දැවැන්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.