මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු අගමැතිනි හසීනාට එරෙහිව චෝදනා ගොනු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුවන හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල් සහ හිටපු පොලිස් ප්‍රධානී චෞද්රි අබ්දුල්ලා අල්-මමුන් ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වසර 15ක් බලය දැරූ හසිනාගේ රජයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාවගේ නැගී සිටීම් වලට එරෙහිව රජය විසින් දියත් කරන ලද මාරාන්තික මර්දනයට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර ඇත.

විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ නායකත්වයෙන් යුත් සහ විනිසුරුවරුන් වන ෂෆියුල් අලාම් මසුඩ් සහ මොහිතුල් එනම් චෞද්රි යන අයගෙන් සමන්විත විනිශ්චය සභාව ඊයේ(10)දිනයේදී මෙලෙස හසීනාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර නඩු කටයුතු අගෝස්තු 3 වන දින ආරම්භ වේ.

රජයට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතාවයන් හේතුවෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මේවන විට ආරක්ෂාව පතා ඉන්දියාවට පැනගොස් ඇති අතර මේ වන විට ඇයට එරෙහිව චෝදනා කිහිපයක් ගොනුකර තිබේ. ඒ අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට මාස හයක සිර දඬුවමක් නියම වී ඇති අතර විනිශ්චය සභාව දේශපාලනික වශයෙන් පළිගැනීම් සිදු කරන බවට පවසමින් හසීනා සියලුම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...