WIPO ජාත්‍යන්තර සම්මාන උලෙළේ පරිසර කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා ඇතුළු කණ්ඩායමට !

Date:

ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානයේ (WIPO) ගෝලීය සම්මාන උළෙලේදී Environment Start‑ups කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු කණ්ඩායම සමත්ව තිබේ.

බුද්ධිමය දේපළ පිළිබඳ නොබෙල් ත්‍යාගය වශයෙන් ද මෙම WIPO සම්මානය හැඳින්වේ.

ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු කණ්ඩායම මෙම සම්මානය දිනාගත්තේ ඔවුන් විසින් හඳුන්වාදී ඇති ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙනි.

රටවල් 95 කින් ඉදිරිපත් කරන ලද විවිධාකාර නිර්මාණ හා අදහස් 700 කට අධික සංඛ්‍යාවක් අතරින් ඔවුන්ගේ නිර්මාණය අවසන් 10 අතරට තේරීමෙන් අනතුරුව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.

මෙම සම්මාන උළෙල අද (ජුලි 11) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?