”දැන් 64යි. තව අවුරුදු 20ක් වත් බලය ඔින” රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ

Date:

දශක දෙකකට අධික කාලයක් රුවන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (RPF) පෝල් කගමේ තවත් වසර 20ක පමණ කාලයක් බලයේ රැදී සිටීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. 64 හැවිරිදි ඒ මහතා තව අවුරුදු 20ක් තරග කිරීම ගැන සලකා බැලීමට සූදානම් බව ප්‍රකාශ වේ.

වසර පහකට පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු 99% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනු ලැබීය. නමුත් රටින් පිටත බොහෝ දෙනෙක් ව්‍යාජ ලෙස බැහැර කළහ. කගමේ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ අතර ඔහුට 2034 දක්වා බලයේ සිටීමට අවස්ථාව ලබා ගත්තේය. 1994 දී ඔහු බලයට පත් වූයේ ඔහුගේ කැරලිකාර හමුදා ජන සංහාරය අවසන් කිරීමට උදව් කිරීමෙන් පසුවය. කෙසේ නමුත් ඔහු රට යම් සංවර්ධිත මාවතකට ගෙන ආ බව සඳහන් වේ. විචාරකයන් පවසන්නේ ඔහු ඒකාධිපති පාලනයක් රට තුළ ගෙන යන බවයි.

මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ මතවාද ඵල කරන අතර හියුමන් රයිට්ස් වොච් හි මධ්‍යම අප්‍රිකානු අධ්‍යක්ෂ ලුවිස් මුඩ්ජ් සඳහන් කර තිබුණේ “රුවන්ඩාව යනු දේශපාලන විරුද්ධවාදියෙකු වීමට තබා රජයට විරුද්ධ වීම ඉතා භයානක රටකි. මෙම අධිකාරීවාදී ක්‍රමය නුදුරු අනාගතයේ ක්‍රමය වනු ඇත,” යනුවෙනි. මේ හා සමාන අදහසක් එක්සත් ජනපදයේ වෙසෙන නීතීඥ සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය චාල්ස් කම්බන්ඩා ප්‍රකාශ කර තිබිණි. එනම් “ඔහු තව අවුරුදු 20ක් දිගටම හිටියොත් රුවන්ඩාව නියම අපායක් වේවි” ලෙසයි BBC වාර්තා කර තිබුණේ.

රුවන්ඩාවෙහි මිලියන 12.6 කට අධික ජනගහනයක් ඇත. එය වඩාත්ම ජනාකීර්ණ අප්‍රිකානු මහාද්වීපික රට වේ. එමෙන්ම ලෝකයේ පස්වන වඩාත්ම ජනාකීර්ණ රට ද වේ. අද රුවන්ඩාවේ අසල්වැසි රටවල් හා සසඳන විට අඩු දූෂණ මට්ටමක් ඇත, නමුත් මානව හිමිකම් සංවිධාන විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීම, බිය ගැන්වීම් සහ නිදහස සීමා කිරීම් එහි වාර්තා වේ. ඔවුන් මේ වන විටත් ජීවත් වන්නේ භීතියේ වාතාවරණයකය.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...