එක්කෝ සජිත් ජනපති ඩලස් අගමැති – නැත්නම් ඩලස් ජනපති සජිත් අගමැති !

Date:

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉවත්වීමෙන් පසුව ජනාධිපති ධුරයට පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් සහ ගොඩනැගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරයට පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සාකච්ඡා රැසක් පැවැත්විණි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල්-ගම්මන්පිල ඇතුළු කණ්ඩායම, පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුර යාපා ඇතුළු කණ්ඩායම සහ තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් අතර මෙම සාකච්ඡා පැවැත්විණි.

ඊයේ පස්වරුවේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි තලතා අතුකෝරල මහත්මියගේ නිවසේදී එක් සාකච්ඡාවක් පැවති අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී තවත් සාකච්ඡාවක් පැවැත්විණි.

පාර්ලිමේන්තුව තුළ ගැටලු ඇතිකර නොගෙන සියලුදෙනාගේ එකතුවෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පත්කර ගැනීම සිදුකළ යුතු බව බොහෝ පක්ෂවල අදහස වී තිබේ.

ඒ අනුව ජනාධිපති ධුරය සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී තිබේ. මෙම දෙදෙනාගෙන් එක් අයෙකු ජනාධිපති ධුරයට පත්ව අනෙක් තැනැත්තා සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස පත්කර ගැටලුව සාමකාමීව විසඳා ගත යුතු බවටද යෝජනා වී ඇත.

ඒ අනුව සජිත් ජනාධිපති වී ඩලස් අගමැති වීමට හෝ ඩලස් ජනාධිපති වී සජිත් අගමැති වීමට හෝ ඉඩ තිබේ.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්පෙළ නායකයන් සම්බන්ධ නොවීමද විශේෂත්වයකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...