ජනපතිගේ ඉල්ලා අස්වීමත් රිවස් වෙයිද ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යනු සිය ධුර කාලය තුළ තමන් ගත් බොහෝ තීරණ ආපසු හැරවීමට ලක් කළ හෙවත් “රිවස්” කළ ජනාධිපතිවරයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

රසායනික පොහොර තහනම, විටින් විට පැනවූ හදිසි නීතිය, විටින් විට පැනවූ ඇඳිරි නීතිය, නොයෙක් වර හකුළා ගත් ගැසට් නිවේදන ඇතුළුව ගත් කල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීන්දු රිවස් කිරීම් ලෝක වාර්තාවක් පවා වන්නට බැරිත් නැත.

එහෙව් ජනාධිපතිවරයා දැන් ඉල්ලා අස්වෙන දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනිද්දා (13) ය.

රටේ මේ තරම් තත්වයක් උද්ගතව තිබියදීත් ජනාධිපතිවරයකුට තවත් ඉල්ලා අස්වන්නට නැකැත් බැලීමට හේතුවක් නැත. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහුට තිබුණු සදාචාරාත්මක බලය මේ වනවිටත් ඔහුගේ දෙපා යටින් ඉවතට ඇද දැමී තිබේ. එහෙත් ඔහු ඉල්ලා අස්වීම ගැන කථානායකට, අගමැතිට එකඟතාව පළ කරනවා මිස තවමත් ඉල්ලා අස්වී නැත.

එහෙයින් ඔහුගේ ඉල්ලා අස්වීමේ තීන්දුවත් හෙට දවස තුළ රිවස් වුණොත් පුදුම වන්නට දේකුත් නැත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...