ගෑස් බෙදාහැරීම ඇරඹෙයි – මිල ඉහළට – විදුලි බිල අනිවාර්යයි

0
2848

ඊයේ දිනයේදී ගෑස් නෞකාවක් මෙරටට පැමිණි අතර අද සිට ගෑස් බෙදාහැරීම ආරම්භ වන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ ගොස් තිබේ. නව මිල රුපියල් 4910 කි. සෙසු ගෑස් සිලින්ඩර්වල මිලද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇත.

අද සහ හෙට දිනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගෑස් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ වන අතර බදාදා සිට සෙසු ප්‍රදේශවල ගෑස් අලෙවි කිරීම ආරම්භ වේ.

ගෑස් මිලදී ගැනීම සඳහා පැමිණෙන විට මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. අලෙවිය ක්‍රමවත් කිරීමේ අරමුණින් හා අනවශ්‍ය තොග රැස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

UN