*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

තීරණය රිවස් වීමේ පළවෙනි සංඥාව නිකුත් වෙයි ??

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව කථානායකවරයා විසින් නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල වශයෙන් සලකන ලෙසයි ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති නවතම නිවේදනයෙන් දැක්වෙන්නේ.

මෙය බැලූ බැල්මටම පෙනී යන්නේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ තීරණය අග්‍රාමාත්‍යවරයාට අද (11) පෙරවරුවේ දැනුම් දී ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද නිවේදනය ප්‍රතික්ෂේප කරමින් නිකුත් කරන ලද්දක් වශයෙනි. එසේ නොවන්නට, කොහොමත් ඉල්ලා අස්වීමට නියමිත ජනාධිපතිවරයකු මෙවන් නිවේදනයක් මේ හදිස්සියේ නිකුත් කිරීමට පදනමකුත් නැත.

කෙසේවෙතත් මේ පිළිබඳව විමසා තහවුරු කරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයකුත් මේ වනවිට ක්‍රියාත්මක තත්වයේ නොපවතින අතර ජනාධිපති ලේකම්වරයා හෝ වෙනත් ඉහළ නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහයනුත් අසාර්ථක විය.

ඒ අනුව අප මීට පෙර පුවතකින් ද පෙන්වා දුන් පරිදි මෙය ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ තීරණය රිවස් වීමේ පළමු සංඥාව වන්නටත් බැරි නැත.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan