ජනාධිපති ඉල්ලා අස් වෙනවා කියලා කටින් කිව්වා විතරයි – කතානායක පක්ෂ නායකයන්ට දැනුම් දෙයි !

Date:

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.

ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.

ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...