ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රකාශ කළ බව බීබීසී පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබිණි.
කතානායකවරයා වැඩිදුරටත් පවසා තිබුණේ රටින් පිටව ගොස් සිටින ජනාධිපතිවරයා බදාදා දිනයේදී සිය ඉල්ලා අස්වීම වෙනුවෙන් යළි ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
කෙසේ නමුත් මහින්ද යාපා අබේවර්ධන මහතා ANI පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ ජනාධිපතිවරයා තවදුරටත් රටතුළ සිටින බවයි. බීබීසී පුවත් සේවය වෙත ලබාදුන් ප්රකාශයේදී තමාට වැරදීමක් සිදුව ඇති බවද ඔහු පවසා තිබෙනවා.
UN