*
Wednesday, October 16, 2024
spot_img

Latest Posts

ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී මෙවරත් නොමැකී කියවෙන නම් යුගලය – සුගත් සහ දර්ශා

ආසියාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් විධිමත් ව්‍යහුයක් සකස් කරමින් සැකසි ආසියානු මලල ක්‍රිඩා සංගමයට වසර පනහක් සපිරෙන මොහොතේ 25 වන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ජූලි 12 වන දා බැංකොක් හි දී ආරම්භ විමට නියමිතව ඇත.ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට ලෝකයට පිවිසෙන්නට ඇරුණු ස්වර්ණමය දොරටුවකි.සුසන්තිකා ජයසිංහ,දමයන්ති දර්ශා,සුගත් තිලකරත්න,ශ්‍රියාණි කුලවංශ,සම්පත් අමරසේකර,රෙහාන් ප්‍රදීප්,නිමාලි ලියනාරච්චි වැනි ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසකගේ නම් සමඟ සබැඳි ක්‍රීඩාවේ ආදරය දීප්තියේ විකාශයට ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධය.
මේ වසර 50 සපිරුණු සුබ මොහොත ස්මර්ණය කරමින් මෙවර තරගාවලිය පැවත්වෙන තායිලන්තයේ බැංකොක් නුවර පැවත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ඉතිහාසය සමරමින් සහ වසර 50 ට සුබ පතමින් චාම් සහ අභිමානවත් උත්සවයක්ද තායිලන්තයේදී පැවත්විණි.එහිදී වසර 50 සුබ පතමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුබ පැතීමේ ඓතිහාසික අවස්ථාව උදා වී තිබුණේ කොරියාවේ පැවති කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට එක් වූ ක්‍රීඩක කණ්ඩායමයටය.එම පණිවිඩයද එම උත්සවයේදී ප්‍රචාරය විය.

https://youtube.com/clip/UgkxakSu13rM-uQ8IncCGfPnhjHbYv4jiisn
12 වන දා ඇරඹෙන මලල ක්‍රීඩා සූරතාවලියේදී හ්‍රී ලංකාවේ දස්කම් ගැන යළි යළිත් කතා වෙනු ඇත.ඉතිහාසයේ ස්වරණමය මතක සටහන් මලල ක්‍රිඩාව හා සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇත්තේ මීටර් 400 ඉසව්වෙන්ය.මෙවරත් ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වන 13 දෙනෙක්ගෙන් වන කණ්ඩායමේ වැඩි බර වැටී ඇත්තේ මීටර් 400 ඉසව්ව සඳහාය.මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්වය වගේම කාන්තා සහ පිරිමි මීටර් 400 සහය දිවීමත්,මිශ්‍ර සහය දිවීමත් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.ඒ අතරින් මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම බොහෝ විට මේ තරගයේදී දක්වන සම්කම් අනුව ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය දක්වා ඉදිරි පියවරක් තැබීමට ද ඉඩ ඇත.

මීටර් 400 ට අමතරව කාන්තා අංශයෙන් දුර පැනීම,තුන් පිම්ම,හෙල්ල වීසි කිරීම සහ මීටර් 800,1500 ඉසව් සඳහා ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග වදිති.මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධ ඉතිහාසය කතා කරද්දී අමතක නොකර ක්‍රීඩා උළෙලේ නිරන්තරයෙන් සඳහන් කරන නම් දෙකක් ද ඇත.එම නම් දෙකම මීටර් 400 ඉසව්වට සම්බන්ධය.තවමත් වාර්තා පොත්වල ශ්‍රී ලංකා නම රඳවා ගෙන සිටින එම දෙදෙනා සුගත් තිලකරත්න සහ දමයන්ති දර්ෂාය.වැදගත් තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණවලදී සුගත් සභාපතිව තේරී තිබීම සහ දර්ශා උප සභාපතිණියකව පත්වීමය.ස්වර්ණමය මලල ක්‍රීඩා පරිච්ඡේදයක උරුමකරුවන්ය. එම පරිච්ඡේදය නියෝජනය කළ අය අතරින් රටේ මලල ක්‍රීඩාව හා සබැඳි තනතුරුවලට ඒමේදි පිළිගැනීමක් ඇති කරගෙන නිලවරණයේදී මනාපයන් දිනා ගන්නට සමත්කම් දක්වා ඇත්තේ ද සුගත් හා දර්ශා පමණක් වීමත් විශේෂත්වයකි.
ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පමණක් නොව සුගත් 1998 දී ෆුකෝකා හී දී පිහිට වූ මීටර් 400 වාර්තාව වන තත්පර 44.61 අදටත් ශ්‍රී ලංකා වාර්තාවය.වර්ෂ 2000 දී දර්ශා ඉන්දුනීසියාවේ ජාකර්තා හී දී පිහිට වූ මීටර් 400 වාර්තාව වන තත්පර 51.05 ද තවමත් ශ්‍රී ලංකාව වාර්තාව ද වන්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan