*
Monday, September 23, 2024
spot_img

Latest Posts

තෝරාගත් රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

කොළඹ (LNW): තෝරාගත් රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සදහා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් මීට ඉහතදී ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සදහා මූලිකව ආයතනන අටක් (08) තෝරාගනු ලැබීය.

එම ආයතන සතු රජයට හිමි කොටස් බැහැර කිරීම සදහා විසේශඥ උපදෙස් ලබා ගැනීම පිණිස තරගකාරී ක්‍රමවේදයක් යටතේ ඉල්ලුම්පත් කැදවන ලදී. ඒ මත ඉල්ලුම් පත් ඉදිරිපත් කරන ලද දේශීය සහ විදේශීය විසේශඥ උපදේශ සමාගම් අතරින් වඩාත් සුදුසු විසේශඥය උපදේශකවරුන් තෝරාපත්කර ගැනීම සදහා කැබිනට් මණ්ලය විසින් විශේෂ ප්‍රසම්පාදන කමිටුවක් පත් කරන ලදී.

සීමාසහිත ශ්‍රි ලංකා ගුවන් සමාගම , ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී, ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ ලිට්‍රෝ ටර්මිනල් පුද්ගලික සමාගම, කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතනයන් හි රජය සතු හිමිකාරීත්වය බැහැර කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්‍යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීම පිණිස රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්‍යය සදහා එකී විසේශඥ ගණුදෙනුකාර උපදේශකයන් තෝරා පත්ගැනීම සිදු විය.

එම තෝරාපත්කර ගැනීම් තරගකාරී යෝජනා කැදවීම යටතේ සිදු කරන ලද අතර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදය මත ඇගයීම සිදු කරන ලදී. එකී කමිටුවෙහි නිර්දේශයන් සදහා ගරු ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය අද දින හිමි විය.

ඒ අනුව සීමාසහිත ශ්‍රි ලංකා ගුවන් සමාගම , ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී යන ආයතන වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (International Finance Corporation) ද, ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ ලිට්‍රෝ ටර්මිනල් පුද්ගලික සමාගම සහ කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ඩිලොයිට් ඉන්ඩියා ( Deloitte India)ද, හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් යන ආයතනය වෙනුවෙන් කොලියර්ස් (Colliers) ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් අල්වරේස් ඇන්ඩ් මාර්සල් ( Alvarez and Marsel) යන ඉහළ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ගණුදෙනුකාර උපදේශකයන් තෝරාපත් කරගනු ලැබීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan