*
Friday, October 11, 2024
spot_img

Latest Posts

රජයේ රෝහල් පද්ධතියේ යන්ත්‍රසූත්‍ර බිදවැටිලා

රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින බොහොමයක් යන්ත්‍රසූත්‍ර බිදවැටීම් සිදු වී ඇති අතර එමගින් රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.

ලීනියර් ඇක්සලේටර් (Linear Accelerator) යනු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට තිබෙන නවීනතම ප්‍රතිකාර ක්‍රමයකි

එමගින් යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී පිළිකා රෝග සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.

රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 10 තිබෙන අතර ඉන් යන්ත්‍ර පහක් අපේක්ෂා රෝහලේ ද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ ද, මඩකලපුව යාපනය කරාපිටිය යන රෝහල් වල යන්ත්‍ර එක බැගින් ද ස්ථාපනය කර ඇත.

මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙක පිහිටි ගොඩනැගිල්ලෙහි සිසිලන පද්ධතිය බිඳවැටීම හේතුවෙන් 2022 නොවැම්බර් 14 දා සිට එම යන්ත්‍ර දෙක ක්‍රියාත්මක නොවේ.

ජුනි මස 22 වනදා සිට අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍ර පහෙන් එක්ක යන්ත්‍රයක් බිඳ වැටුණු අතර එම යන්ත්‍රය පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන් සඳහා සදහා විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලැබූ යන්ත්‍රයයි.

එම යන්ත්‍රය මගින් දිනකට කුඩා ළමුන් 10 සිට 15 දක්වා ප්‍රමාණයකට ප්‍රතිකාර සිදු කළ අතර දැනට එම කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම නතර වී ඇත. එයට හේතුව වී ඇත්තේ එම යන්ත්‍රය යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගත වීම සිදු අදාල සේවා සපයන සමාගම වගකීමෙන් බැහැර වීමයි.

පුද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරයක් කර ගැනීම සඳහා ලක්ෂ පහේ සිට 15 ක මුදලක් වැය වේ.

එමෙන්ම, රජයේ රෝහල් සතුව සීටී ස්කෑන් යන්ත්‍ර 44 තිබෙන අතර ඉන් යන්ත්‍ර 12ක් මේ වන විට බිඳ වැටී ඇත

කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල, කුරුණෑගල, මාතර, හොරණ , කළුතර, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ලමා රෝහල, රත්නපුර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යන්ත්‍රය, ජාතික දන්ත රෝහල, ආදී රෝහල් වල රෝහල්වල මෙම යන්ත්‍ර බිඳ වැටීම සිදු වී ඇත.

ඊට අමතරව කරවනැල්ල රෝහලේ තිබෙන යන්ත්‍රයද සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ නොමැති අතර එහි නඩත්තුවක් සිදු කළ යුතුව තිබේ.

මෙම රෝහල් වල හදිසි පරීක්ෂණ කලයුතු රෝගීන් යාබද රෝහල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා දිගු කාලයක්ද ගත වේ.

සීටී ස්කෑන් පරීක්ෂණයක් මඟින් ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වීමක් විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක් වන රෝගියෙකුගේ මොළයේ රුධිර වහනය වීම, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම, රුධිර නාල වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහලු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.

ඊට අමතරව, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව තිබෙන අතර ඉන් 2ක් මේ වනවිට බිදවැටී ඇත

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ලමාරෝහලේ යන්ත්‍ර මීට වසර 2ට පෙර බිද වැටුන අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ යන්ත්‍රය ජනවාරි මස සිට බිදවැටී ඇත. අනුරාධපුර MRI පරීක්ශණ සදහා පොරොත්තු ලේඛනය වසර එකහමාරක දිගු එකක් වන අතර කරාපිටිය රෝහලේ පොරොත්තු ලේඛනය ද වසරකට වඩා දිගු එකක් වේ.

MRI ස්කෑන් පරීක්ෂණය මගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගනීමට හැකියාව ලැබෙන අතර මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව රෝග හඳුනා ගැනීමය සුවිශේෂී කාර්යභාරයක් මෙමගින් සිදුවේ.ඊට අමතරව පිළිකා රෝග හඳුනාගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හඳුනාගැනීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වල අවහිරතා හඳුනාගැනීම, අස්ථි සල්ලි වල තිබෙන පටක වල පටක වල තිබෙන රෝග හඳුනා ගැනීම සහ මාංශ පේශිවල රෝග තත්ත්ව හඳුනා ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

මෙම පරීක්ෂණයක්පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සඳහා 15000ත් 75000 අතර මුදලක් වැය වේ.

තවද පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකක් රජයේ රෝහල් පද්ධතිය සතුව තිබෙන අතර ඉන් එකක් කොළඹ ජාතික රෝහලේද, අනෙක් යන්ත්‍රය අපේක්ෂා රෝහලේද ස්ථාපනය කර ඇත

එයින් අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍රය මැයි මස 26 වනදා සිට එහි පරීක්ෂණ සිදු කිරීම නතර වී ඇත.එයට හේතු වී ඇත්තේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන FDG නැමැති ඖෂධය සැපයීම නතර වීමයි. එම ඖෂධය සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා නව සැපයුම්කරුට ලබාදී ඇති අතර නව සැපයුම්කරුගේ ඖෂධ සැපයීම ප්‍රමාද වෙමින් පවතී.

මෙම කටයුත්තේදී අදාල පරීක්ෂණ සිදුකරන විකිරණ තාක්ශණවේදී නිලධාරීන් තාක්ශණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැත. මෙවැනි ටෙන්ඩර් කටයුතු වල දී පැරණි ටෙන්ඩරය අවසන්වීමට යම් කාලයක් තිබියදී නව ටෙන්ඩරය කැඳවිය යුතු අතර ඖෂධ සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගතයුතු වේ.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින් පිලිකාවක වර්ධනය, ක්‍රියාකාරීත්වය, පැතිරීම හදුනා ගැනීම කලහැකිවේ. එසේම පිලිකා සහිත රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත පිලිකා සෛල වර්ධනය වීමක් වී තිබේද යන්න හඳුනා ගැනීමද සිදුකල හැකි වේ.

අද මෙම තත්ත්වය උදාවීමට හේතුවී ඇත්තේ මෙම යන්ත්‍ර වලට අදාල සේවා ගිවිසුම් වලට මුදල් නොගෙවීමයි. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට අදාල පාර්ශවකරුවන් කැඳවා මේ පිලිබන්දව තීරණ ගතයුතු බව අවධාරණය කරමු.

〽️රකුස්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan