*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ – නාමල්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ (LNW):

කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ බවත්, එදා මෙම ප්‍රදේශවල පාරවල්වල යන්න නොහැකි තත්ත්වයක් තිබුණු බවත්, පැල්පත් නිවාස එක් කලකදී මුඩුක්කු ලෙස හැදින්වූ බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නමුත් එම ගම්මානවල ජීවත්වන දරුවන්ගේ ජීවිතවලට ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගෙන ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව පැවසූ මන්ත්‍රීවරයා, එතුමාට දැක්මක් සහ ඉලක්කයක් තිබුණු බවත්, පැල්පත් නිවාස සහ මුඩුක්කු සංකල්පය වෙනුවට මහල් නිවාසවල ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවට පත්කරන්න අවශ්‍යතාවය තිබූ බවද කීවේය. ඒ වැඩපිළිවෙල 2005, 2010 සිට ආරම්භ කරගෙන ආ බවත්, අද කවුරු මොනවා කිවුවත් කොළඹට ආවාම මේ දකින හැම ගොඩනැඟිල්ලක්ම සියල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ දී වනා බවත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අපේ රටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස හදුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලසීමාව තුළ පැවැති හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි අභියෝගවලට මුහුණදුන් දේශපාලන පක්ෂයක්. අපි අභියෝග හමුවේ පලාගිය දේශපාලන බලවේගයෙක් නොවෙයි. අපි හැමදාම 2005 ත්‍රස්තාවදයට මුහුණදීමේ අභියෝගයේ සිට අද දක්වා රටක්, ජාතියක් ලෙස මුහුණදුන් හැම අභියෝගයකටම සාර්ථකව මුහුණදුන් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන. නාගරික සමාජයේ ජීවත්වන මේ ජනතාවට ජීවිතයට අවශ්‍ය වටිනාකමක් අපි දෙන්න ඕන. ඉතිහාසිය ගත්විට බොහෝ විට නායකයන් බිහිවුණේ බස්නාහිරින්. මහින්ද රාජපක්ෂ මහතා පාලමෙන් එහා පැත්තේ නායකයෙක්.

කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ. එදා මේ ප්‍රදේශවල පාරවල්වල යන්න නොහැකි තත්ත්වයක් තිබුණේ. පැල්පත් නිවාස එක් කලකදී මුඩුක්කු ලෙස හැදින්වූවා. තවත් කලක දී පැල්පත් නිවාස කිවුවා. කොරියාව කියා කිවුවා. ඒ ගම්මානවල ජීවත්වන දරුවන්ගේ ජීවිතවලට ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාට දැක්මක් තිබුණා. ඉලක්කයක් තිබුණා පැල්පත් නිවාස වෙනුවට මුඩුක්කු සංකල්පය වෙනුවට කොරියාව කියන සංකල්පය වෙනුවට මහල් නිවාසවල ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවට පත්කරන්න. ඒ දරුවන්ට ආශාවෙන් ජීවත් වන්න පුළුවන් පරිසරයක් හදන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි 2005, 2010 සිට ආරම්භ කරගෙන ආවා.අද කවුරු මොනවා කිවුවත් කොළඹට ආවාම මේ දකින හැම ගොඩනැඟිල්ලක්ම සියල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ දී වෙනවා. ආයේජකයන් ගේන්න ඕන කියා අපි විශ්වාස කරනවා. ආයේජකයන් ගේනවා වගේම ඒ ආයෝජන තුළින් අපේ රටේ දරු දැරියන් වෙනුවෙන් රැකී රක්ෂා උත්පාදනය කළයුතු වෙනවා.

කොළඹ වරාය නගරය පාවිච්චි කළේ ඒ සඳහායි. සමහර දේශපාලන පක්ෂ හිතුවා වරාය නගරය හැදුවේ ගොඩනැඟිලි හදන්න කියලයි. සීගිරිය කඩලා ගල් ගෙනවිත් මුහුද ගොඩකරලා අලුත් නගරයක් හදන්න කියලයි. නමුත් වරාය නගරය තුළ තිබෙන සංකල්පය ඇතැම් දේශපාලඥයන්ට තේරුම් ගත නොහැකි වීම කණගාටුවක්. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ බැංකු පද්ධතිවල කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ විශිෂ්ඨ ගණුදෙනු මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. කොළඹ වරාය නගරය ලෝකයේ විශිෂ්ඨතම ගණුදෙනු පද්ධතියක් බවට පරිවර්තනය වනවිට එහි ගොඩනැඟෙන රැකියාවලට මේ කොළඹ නගරයේ තරුණ තරුණියන් සූදානම් කළයුතු වෙනවා. රැකී රක්ෂා උත්පාදනය කරන්න පුළුවන් ආයෝජකයෝ ඒ සඳහා ආකර්ෂණය කළයුතුයි කියන වැඩපිළිවෙල අපි සතුව තිබුණා. අවාසනාවට 2015 න් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න බැරිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඒකට උත්සාහ කළා. වසරයි දෙකයි අපිට පාලනය කරන්න ලැබුණේ. ඒ වසර දෙක හමාර තුළ වැඩි ප්‍රමාණයක් කොවිඩ් සමඟ ගණුදෙනු කළා” ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan