සැකකරුවකුගේ ප්‍රකාශය මාධ්‍ය සංදර්ශනයක් කළ පොලිස් ලොක්කන්ට අධිකරණ ඇමතිගෙනුත් චෝදනා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කරමින් ඔහුගෙන් ප්‍රකාශයක් ගත් පොලිස් නිලධාරීන් පිරිස අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ ජනතාවට ඇති විශ්වාසය බිඳවැටෙන අතර මෙවැනි නිලධාරීන් සමග අපරාධ නඩු විභාග කරන්නේ කෙසේද යන්නම ප්‍රශ්නයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“පොලිසිය නඩුව අහලා ඉවරයි. විනිසුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. මහා ව්‍යාකූල තත්වයක් …

මේ වගේ දෙයක් වුණාම විනිසුරුවරයෙකුට වගකීමක් තියෙනවා ඒ තැනැත්තාව අත්අඩංගුවට ගන්න. එයා පොලිස් නිලධාරියෙක්ද, හමුදා නිලධාරියෙක්ද කියලා අදාළ නැහැ. ඒක තමයි මේ රටේ නීතිය. ඒ වගේම පොලිස්පතිවරයාටත් වගකීමක් තියෙනවා මේ වගේ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න.

මේ වගේ නිලධාරීන් එක්ක අපරාධ නඩු විභාග කරන්නේ කොහොමද ? මේ විදිහට අපරාධ නඩු විසඳන්න පුළුවන්ද ? මේ වගේ දේවල් වෙනකොට අවසානයේදී අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ මේ රටේ මිනිස්සුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒකෙන් වෙන්නේ රට අරාජික වීමක්”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...