සටහන – රුවන් නෙළුගොල්ල
පාරින්ද රණසිංහ මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිවුරුම් දී තිබේ.
ඒ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙසේ දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වූ පාරින්ද රණසිංහ මහතාගේ නම නීතිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබුණු අතර එම සභාව එම නිර්දේශය ඊයේ දිනයේදී ඒකමතිකව අනුමත කර තිබිණි