නිශ්මං රණසිංහ ජූලි 12, කොළඹ LNW:
සාමාන්‍යයෙන් අයියා කෙනෙක් කියන්නෙ යම් කේෂ්ත්‍රයක මනා දැණුමක් තියෙන කෙනෙක්ට.හැකියාව සහ දැණුම සමඟ කේෂ්ත්‍රය තුළ සිටින දැවන්තයෙකුට සාමාන්‍ය බස් වහරෙ භාවිතා කරන අයියා කියන නම ක්‍රිකට්වල දී තදින් පහරදීම පුහුණු කරන කලාවෙදි පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් තමයි ජූලියන් වුඩ්.සරල බස් වහරෙ අයියා කියන ජුලියන් වුඩ් ගැන ගරු ගාම්භිර විදිහට වෘත්තිමය තත්ත්වය සුරැකෙන විදිහට කිව්වොත් ඔහු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියණු කරන විශේෂඥ පුහුණුකරුවෙක්.

ජූලියන් ජූලි මාසෙ අග (30) දා ඉදලා අගෝස්තු මාසෙ 7 වන දා දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කිරීම පිටුපස 2025 වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම 2026 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි සඳහා සිදුකෙරෙන අඛණ්ඩ පෙර සූදානම් කිරීමේ අදහසක් තිබෙනවා.

ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පහර දීමේ ශිල්පීය ක්‍රම මුවහ් කර ගැනීමට සහ ඔවුන්ගේ සමස්ථ ජව සම්පන්න පහර එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට ජුලියන් වුඩ් දෙන මඟ පෙන්වීමෙන් ප්‍රෙයා්ජන ගන්නට පුළුවන්.

“ජව සම්පන්න පහර වැඩසටහන“ (“Power Hitting Program” ) ලෙස හැඳින්වෙන නවෝත්පාදන වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙන වුඩ්, ක්‍රිකට් තාක්ෂණයන්, පුහුණු ක්‍රමවේද හා ජෛව යාන්ත්‍ර විද්‍යාව (biomechanics) එකට ඒකාබද්ධ කරමින් ක්‍රීඩකයින්ගේ ජව සම්පන්න කුසලතා ශක්තිය වැඩි දියුණු කිරිමේ හපනෙක් හැටියට ලෝකයම පිළිගන්නවා.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට අමතරව ග්ලෝස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්තවල කටයුතු කර ඇති වුඩ්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කිංග්ස් XI පන්ජාබ් ඇතුළු ඇතුළු සෙසු කණ්ඩායම් සමඟද මීට පෙර කටයුතු කර තිබෙනවා.
එංගලන්තයේ උපත ලද ජුලියන් වුඩ් එරට ප්‍රාන්ත තරගාවලියේදි හැම්ප්ෂයර් කණ්ඩායම සහ බර්ක්ෂයර් කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.වමත් පිතිකරුවෙකු ලෙස වැඩි අවධානයක් දිනා ගෙන සිට ඇති ඔහු මේ වන විට ලෝකයේ අවධානය දිනා ගත් වේග ප්‍රහාරය පුහුණු කිරීමේ විශේෂඥයෙකු වන අතර 56 වැනි වියේ පසුවෙනවා.
