පොලිස් කණ්ඩායම් 10ක් යොදවා කොස්ගොඩ ප්‍රදේශයේ විමර්ශනයක්!

රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ LNW :

පොලිස් කණ්ඩායම් 10ක් යොදවා කොස්ගොඩ ප්‍රදේශයේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය.

පොලීසිය කියා සිටින්නේ, ඒ, කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත්, එලෙස තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය පැවසුවේය.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්, වෙඩි තැබූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.සැකකරුවන් සොයා යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව එම ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් ද සිදු කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...