පොලිස් කණ්ඩායම් 10ක් යොදවා කොස්ගොඩ ප්‍රදේශයේ විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ LNW :

පොලිස් කණ්ඩායම් 10ක් යොදවා කොස්ගොඩ ප්‍රදේශයේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය.

පොලීසිය කියා සිටින්නේ, ඒ, කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත්, එලෙස තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය පැවසුවේය.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්, වෙඩි තැබූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.සැකකරුවන් සොයා යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව එම ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් ද සිදු කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැනට පවතින ආපදා තත්ත්වය පිළිබදව පොලිසියෙන් ජනතාවට අවවාදයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : පොලිස්...

කටුබැද්ද ප්‍රදේශයේ ගස් කඩා වැටි ගාලු පාරේ වාහන තදබදයක්…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : මේ වන විට,...

දුම්රිය ධාවනයත් නවතී !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද...

පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW : ​අධික වර්ෂාවත් සමඟ මහවැලි...