අල්ලස් කොමිසමට වෛද්‍ය මහේෂිට එරෙහිව පැමිණිලි රාශියක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ LNW :

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත, විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100 කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධ යම් තොරතුරක් වෙත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට දැනුම්දිය හැකි බව අල්ලස් කොමිසම පසුගියදා දැනුම් දුන් අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මිය විසින් ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙන්නේ, එලෙස ශල්‍යකර්මවල භාජනය වී අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතාව ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙසයි .

විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි  විජේරත්න ඇතුළු තුන් දෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් අතර, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...