යුක්‍රේන ජනාධිපතිගෙන් හෙලිදරව්වක්!

රෂිකා හෙන්නායක ජූලි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු යුධ අවි සැපයීම අමෙරිකාව විසින් නැවත ආරම්භ කර ඇති බව, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙස පේටි්‍රයට් බැටරි හඳුන්වා ඇති බවයි වාර්තා වන අතර, විදෙස් මාධ්‍ය පැවසුවේ, කියෙව් වෙත ඇතැම් යුධ අවි බෙදා හැරීම නැවැත්වීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙලෙස යථාතත්වයට පත් කර ඇති බවයි.

නේටෝ සංවිධානය හරහා යුක්රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති යැවීම සඳහා අමෙරිකාව විසින් ගිවිසුමක් ඇති කර ගත් බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා තිබේ. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි රුසියාවේ ගුවන් ප්‍රහාරවල වැඩිවීමක් සිදු වී ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව විසින් මේවන විට යුක්‍රේන නගරවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති අතර එමගින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...