ට්‍රම්ප් බද්දට යට කරගනිද්දී බ්‍රිතාන්‍යයෙන් ලද සහනය – අපනයන වෙළෙඳපොළ ගැන ධනාත්මක බලාපොරොත්තුවක්?

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකරන ආනයන සඳහා නව වෙළෙඳ පැකේජයක් හඳුන්වාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබුණි.

බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එම නව වෙළෙඳ පැකේජය හරහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වෙත විශාල ආලෝකයක් ලැබී ඇති බව ඒ සම්බන්ධයෙන් වන විද්වත් මතය මඟින් ප්‍රකාශයට පත්ව ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇඟලුම්, අහාර, කෘෂි නිපැයුම් ආදිය සඳහා තීරු බදු අයකිරීමකින් තොරව ආනයනය කිරීමටයි නව වෙළෙඳ පැකේජය හරහා තීරණ වී ඇත්තේ.

ඒ අනුව එම ක්ෂේත්‍රවල අපනයන සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකළ හැකි අතර වෙළෙඳපොළ පුළුල් කරගැනීම වෙනුවෙන් විවිධාංගිකරණයට යොමුවිය හැකි බවද විද්වත් මතය වී තිබේ.

ඇමරිකානු තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ එක්සත් රාජධානිය විසින් මෙලෙස ආර්ථික සහනයක් ලැබීම තුළ අපනයන වෙළෙඳපොළ වර්ධනය කරගැනීම වෙනුවෙන් ප්‍රවේශය සකස් කරගැනීමේ මාවත උද වී ඇත.

මෙම ආර්ථිකමය වාසි සහගත තත්ත්වය පිලිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහතා පවසන්නේ අපනයන විවිධාංගිකරණය සම්බන්ධයෙන් නව මුහුණුවරකින් සිතා ඊට ප්‍රවේශය පුළුල් කරගත හැකි බවයි.

ඒ අනුව මේ වන විට ගෝලීය ආර්ථිකය තුළ සාකච්ජාවට බදුන්ව තිබෙන නිර්මාණශීලි ආර්ථිකය තුළ එන සංගීත ක්ෂේත්‍ර,පොත් මුද්‍රණය,සිනමා කර්මාන්තය, නාට්‍යකරණය ආදියට ද ප්‍රවේශ වීමේ අවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකාව ද සිතා බැලිය යුතු වන බවයි.

මෙරට අපනයන අතුරින් දෙවෙනියට වැඩිම අපනයන සිදුකරන්නේ එක්සත් රාජධානියට වන අතර තවදුරටත් එම වෙළෙඳපොළ පුළුල් කරගැනීමේ අවශ්‍යතාව පවතින බවයි අබේසේකර මහතා සඳහන් කරනේ.

සම්ප්‍රදායික අපනයනවලින් එහාට ගොස් ඩොලර් බිලියන ගණනක් වටිනා නව වෙළෙපොළ සම්බන්ධයෙන් කතිකාවතක් ඇරඹීම වැදගත් බවද අබේසේකර මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...