නව ජනාධිපතිවරයා තෝරාගන්නා දිනය පක්ෂ නායකයින් තීන්දු කරයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (13) ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දින නියම කරගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා එය දැනුම් දියයුතු හෙයින් 15 වන සිකුරාදා එසේ පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම් දී නාමයෝජනා කැඳවීමට නියමිත ය.

18 වනදා නව ජනාධිපතිවරයා සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිත අතර ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමටයි පක්ෂ නායකයින් එකඟ වී ඇත්තේ.

ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...