කඩිනමින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න – චීනය අවධාරණය කරයි

0
2359

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරගනු ඇතැයි බලාපොරාත්තු වන බව චීනය පවසනවා. එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් සමීපම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සමාජ ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය, ජීවනෝපාය වැඩිදියුණු කිරීම හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වය එක්ව කටයුතු කරනු ඇතැයි සමීප මිත්‍ර රටක් ලෙස චීනය අවංකවම බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

චීන මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් අදාල ප්‍රකාශකයා මෙම කරුණු අවධාරණය කර තිබේ.

UN