ඇමරිකාවත් ගෝඨාභයට පිටුපායි – වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරලා

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකා එක්සත් ජනපදය වෙත යාම සඳහා වීසා නිකුත් කිරීම මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතිඅන්තයේදී ඇමරිකාවේ කැලිෆෝනියා වෙත යාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු SBS වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

තානාපති නිළධාරීන් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර ගිය පුද්ගලයෙකුට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කරන්නේ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර වැනි සුවිශේෂ අවස්ථාවක් සඳහා පමණක් බවයි.

වෙනත් කිසිදු හේතුවක් මත ඇමරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ලයෙකුට වීසා නිකුත් නොකරන බව ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිළධාරියෙකු SBS පුවත් සේවය වෙතද ප්‍රකාශ කර තිබෙනවා.

රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් ඇමරිකානු පුරවැසිභාවය අත්හළ අතර ඔහුගේ පුත්‍රයා ඇතුළු පිරිස තවමත් ඇමරිකානු පුරවැසියන් ලෙස කැලිෆෝනියා ප්‍රාන්තයේ වාසය කරයි.

මෙරට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වීසා නිකුත් කිරීමකින් තොරව ඇමරිකාවට යා හැකි වන නමුත් රටතුළ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් එම අවස්ථාවද ඔහුට අහිමි වී තිබේ.

SBS වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ පසුගිය සෙනුසුරාදා සිට අවස්ථා කිහිපයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතමයන් 15 දෙනෙකු සමග රටින් පිටවීම සඳහා උත්සාහ දැරූ බවයි. කෙසේ නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබෙනවා. ඩුබායි, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට යාමට ඔහු උත්සාහ දරා තිබෙනවා.

ඉන්දියාව වෙත යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන්දියාව සෘජුවම එය ප්‍රතික්ෂේප කර ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...