රාජිත සහ අරුණ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබයි

Date:

බැංකොක් නුවර පැවත්වෙන් ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ආරම්භක දිනයේ පැවති මිටර් 400 පිරිමි ඉසව්වේ මූලික තරගවලදී ඒ සඳහා ඉදිරිපත් වූ අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා අවසාන පූර්ව තරගවලට පිවිසෙන්නට සමත් වුණා.පළමු මූලික තරගාය නියෝජනය කළ රාජිත එහි තෙවැන්නා බවට පත් වූයේ තත්පර 46.52 ක් කාලයක් වාර්තා කරමින්.

මූලික තරග හතරක් පැවති අතර එහි සිව්වන මූලික තරගය නියෝජනය කළ අරුණ දර්ශන එම තරගයේ දෙවන තැනට පත් වුණා.එහිදී අරුණ වාර්තා කළ කාලය වූයේ තත්පර 46.56 ක්.මොවුන් දෙදෙනාම අද පස්වරුවේ පැවත්වෙන මීටර් 400 අවසාන පූර්ව තරග සඳහා සහභාගි වීමට නියමිතයි.
එසේම අද පස්වරුවේ කාන්තා මිටර් 400 මූලික තරගද පැවත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීශා රාමනායක පිටියට පිවිසෙන්නට නියමිතයි.

පස්වරුව ශ්‍රී ලංකාවට කාර්ය බහුල තත්ත්වයක් උදා කරනු ඇති.එහිදී පස්වරුවේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 ඉසව්ව නියෝජනයට පිටියට පිවිසෙන්නට නියමිතව තිබෙනවා.තුන්පිම්ම ක්‍රීඩිකා රන්දි කුරේ ද,හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ ද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...