*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කාන්තාවෝ,නවසීලන්තයට එරෙහිව පළමු විස්සයි විස්ස ජය ලබති

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු විස්සයි විස්ස ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ සඳහා වේගවත් ලකුණු 80ක් නොදැවී වාර්තා කරමින් චමරි අතපත්තු කැපී පෙණෙන ඉණිමක් ක්‍රීඩා කළ අතර ඊට නොදෙවැනි වගකීම් සහගත ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 49 ක් නොදැවී රැස් කරන්නට හර්ෂිතා මාධවී සමත් වුණා.මේ නිසා නවසීලන්ත කාන්තා කණ්ඩායම දුන් ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු 141 ඉලක්කය කිසිවෙක් නොදැවී වාර්තා කරමින් කඩුලු 10 ක් විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.
විස්සයි විස්ස තරගාවලිය තුළ පළමු වරට කාසියේ වාසිය ලැබූ චමරි පහරදීමේ වාරය නවසීලන්තයට පිරිනැමුවා.තරගාවලිය පුරා කඩුලු සඳහා පිවිසීමට එල්ලය වරද්දාගෙන සිටි ඉනෝකා රණවීරනම් මෑත කාලීනව ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණෙනම පන්දු යවන්නිය මේ තරගයේදි යළි ඇයගේ ප්‍රකෘති දක්ෂතාවයන් වෙත ළඟා වී තිබුණා.
ඒ අනුව නවසීලන්ත ඉණිම බිඳ දැමීම ඇරඹු ඉනෝකා පන්දු ඕවර් 4 ලකුණු 15 ට නිමා කළේ කඩුලු 3 ක් දවා ගනිමින්.සුගන්ධිකා කුමාරි ලකුණු 23 ට කඩුලු 2 ක් බිද දැමුවා.නවසීලන්තයට කඩුලු 9 ක් අහිමි වූවත්,ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමේදි සිය කාර්යය හරියට ඉටු කළේ නම් ලකුණු ප්‍රමාණය මීට වඩා අඩු වී ඉතිරි කඩුල්ලද නවසීලන්තයට අහිමි වෙන්නට තිබුණා.


මේ පන්දු රැකීමේ දුර්වලකමෙන් මැනවින්ම ප්‍රයෝජනය ගත්තේ නායිකා සොෆී ඩෙවයින් වූ අතර ඉණිමේ වැඩිම ලකුණු ගණන ලෙස ඇය ලකුණු 46 ක් ඇය රැස් කර ගත්තා.නමුත් දුර්වලතා බහුල පන්දු රැකීම් අතර කවීශා ගයත්‍රි,නායිකා චමරි අත්පත්තු මෙන්ම නිලක්ෂි ද සිල්වා පන්දු රැකීමේ දී දැක් වූ හැකියාව සහ සංයමය ද සුළුවෙන් තකන්නට නොහැකි වෙනවා.
ලකුණු 141 ක ඉලක්කය හඹා යාමට පිවිසි මොහොතේ සිටම වේගයෙන් එය හඹා යන්නට චමරි අතපත්තුට අවශ්‍යය වුණා.ආරම්භක ඕවරයේ හයේ පහරකින් ලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කළ චමරි කිසිඳු කඩුල්ලක් නොදැවී තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දීමට පෙරමුණ ගත්තා.15 වන පන්දු ඕවරයේදී හර්ෂිතා එල්ල කළ හතරේ පහරකින් ලකුණු පූවරුව 143 දක්වා ඔසවද්දී චමරි නොදැවී ලකුණු 80 ක් රැස් කර තිබුණා.පන්දු 47 දි වාර්තා වූ එම ලකුණු ප්‍රමාණය මෙන්ම හර්ෂිතා මෑථ ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීමෙන් ඉහළම පිතිකාරීනිය ලෙස බොහෝ අවස්ථාවල කණ්ඩායමට දෙන දායකත්වය තවත් පියවරකින් ඉදිරියට ගත් ඉණිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තා.
තරගාවලිය පුරාම කැපී පෙණුන මදවේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී වෙනුවට අද කාව්‍යා කාවින්දි කණ්ඩායමේ මද වේල පන්දු යැවීමේ භාරගෙන තිබුණා.උදේශිකා මේ තරගාවලියේ ලකුණු ලබා නොදීමේදී ඉදිරියෙන්ම සිටි පන්දු යවන්නිය වූවා.ඒ තත්ත්වය ආරක්ෂා කරමින් කාව්‍යා,තරගයේ පන්දු යැවීමේ වගකීම හොඳින් ඉටු කරනු ලැබුවා.
පන්දු ඕවර් 5 පන්දු 3 මෙපිටින් තරගයේ ජය සනාත කරගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලි චමරි යළිත් මේ තරගයේ වීරවරිය වූවා.නවසීලන්තය වෙනුවෙන් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි සහ පන්දුවෙන්ද දස්කම් දැක් වූ සුසී බේට්ස් තරගාවලියේ වීරවරිය ලෙස නම් කළා.
https://www.espncricinfo.com/series/new-zealand-women-in-sri-lanka-2023-1379754/sri-lanka-women-vs-new-zealand-women-3rd-t20i-1379762/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan