*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සාකච්ජා අසාර්ථකයි.හෙට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා – සමස්ත ලංකා ඩෙංගු සහායකයින්ගේ සංගමය

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සමස්ත ලංකා ඩෙංගු සහායකයින්ගේ සංගමය අතර පැවති සාකච්ජාව අසාර්ථ බව එම සංගමය අවධාරණය කළේය.

ඩෙංගු මර්දන සහයකයින්ගේ රැකියාව ස්ථිර කර දෙන ලෙස රජයෙන් ඉල්ලීම් කරමින් තිබෙන අතර මේ වන විට ඔවුන් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද ගනිමින් හිඳියි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද (12) කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පැවැත්වුණි.

එම සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ඩෙංගු සහායකයින්ගේ සංගමයේ සභාපති පී.එස්.ආර්.පෙරේරා මහතා පැවසුවේ ඔවුන්ගේ සේවය ස්ථිර කිරීමට අදාළ කැබිනට් පත්‍රිකා තුනක් ප්‍රතික්ෂේප වූ බවට අමාත්‍යවරයා පැවසූ බවයි.

”අපි ඉල්ලීම් කරන්නේ රැකියාව ස්ථිර කරන්න කියලා. අමාත්‍යතුමා කියනවා කැබිනට් පත්‍රිකා තුනක් ප්‍රතික්ෂේප වුණා කියලා. අපි කතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න 1105 ගැන. හෙට දිනයේ ක්‍රියාත්මක වන ඩෙංගු මර්ධන වැඩසටහනට අපි සහය දෙන්නේ නෑ. ඩෙංගු මර්ධනයේ නියැලිලා ඉන්න අනිත් වෘත්තීය සගයන්ගෙන් අපි ඉල්ලනවා අපි ගැන සංවේදී වෙන්න කියලා. හෙට දිනයේ සිට ලංකාව පුරාම අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි ගන්නවා”යනුවෙන් ඔහු සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan