කෙහෙළිය යළි රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන්ව ඊයේ (12) දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 02 වනදා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...